Sunday, November 8, 2026
HomeNEWSඅම්බලන්ගොඩ වෙඩිතැබීමෙන් මියගිය ගණන ඉහළට

අම්බලන්ගොඩ වෙඩිතැබීමෙන් මියගිය ගණන ඉහළට

අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය වී තිබේ.

ඊයේ (21) රාත්‍රී 8.30ට පමණ එම වෙඩිතැබීමේ සිදුවීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක ඉහළ මහලයේ රැඳී සිටි පුද්ගලයින් 5 දෙනෙකුට නාඳුනන තුවක්කරුවෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබේ.

වෙඩිවැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අම්බලන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එහිදි බරපතළ තත්ත්වයේ පසුවු තවත් එක් අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ලේනමුල්ල සහ කුලීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

මීට ප්‍රථම අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවු මනුෂ්‍ය ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනයේ දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වාත් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැති අතර අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img