Thursday, August 20, 2026
HomeNEWSලියුමකින් සහ දෙවෙනි දියණියගේ කට උත්තරයෙන් යටිනුවර ඝාතන ගැන තොරතුරු රැසක් එළියට

ලියුමකින් සහ දෙවෙනි දියණියගේ කට උත්තරයෙන් යටිනුවර ඝාතන ගැන තොරතුරු රැසක් එළියට

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු, ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය නිවස තුළ මියයෑම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය මන්ත්‍රීවරයා විසින් තවත් පුද්ගලයෙකු සමග සිදුකළ මුල්‍ය ගනුදෙනුවක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බවය.පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි අදාළ මන්ත්‍රීවරයාගේ දෙමහල් නිවස තුළ තිබී අද උදෑසන මෙම මළසිරුරු සොයාගෙන තිබිණි.මන්ත්‍රීවරයා නිවසේ පිටුපස පිහිටි තාවකාලිකව ඉදිකර ඇති ස්ථානයක ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගෙන සිටි අතර ඔහුගේ බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ ඉහළ සහ පහළ මහලේ කාමර දෙකක් තුළ තිබී පොලීසිය විසින් සොයාගෙන ගත්තේය. කෙසේවෙතත් බිරිඳ සහ දියණියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය සැකකරනු ලබන්නේ බිරිඳට සහ දියණියට නින්දයාම සදහා පසුදින රාත්‍රියේ යම් පෙතිවර්ගයක් ලබා දීමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරයා විසින් ඔවුන්ගේ ගෙල සිරකර ඝාතනය කරන්නට ඇති බවය.මන්ත්‍රීවරයාගේ බාල දියණිය 12 හැවිරිදි වියේ පසුවන අතර ඇය පෙරදින අධ්‍යාපන චාරිකාවක් ගොස් මධ්‍යම රාත්‍රීය පසුවී නිවසට පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.එම දැරිය පොලීසියට පවසා ඇත්තේ පියා තමන්ටත් යම් පෙති වර්ගයක් පානය කිරීමට ලබාදුන් බවය.අලුයම් කාලයේ තම ගෙල සිරවන බවක් දැනීමෙන් අවදි වූ තමාට, වයරක් අතැතිව සිටින පියා දැකගැනීමට හැකිවූ බවත් ඒ අවස්ථාවේ පියා තමාව බදාගනිමින් හැඩූ බවත් බාල දියණිය පොලිසිය හමුවේ පවසා තිබේ.ඉන්පසු පියා නාන කාමරයට යන බව පවසා පිටව ගොස් ඇති අතර මදවේලාවකට පසු ගෙරවිලි ශබ්දයක් තමාට ඇසුණු බවත් , එහි ගොස් බැලීමේදී පියා එල්ලී සිටින ආකාරය දැකගන්නට ලැබුණු බවත් දැරිය පවසා ඇත.එමෙන්ම සිදු කළ වැඩිදුර විමර්ශන වලදී මියගිය චම්පික නිලන්ත මන්ත්‍රීවරයා විසින් ලියන ලද බව කියන පිටු 4ක ලියුමක්ද මෙහිදී විමර්ශන නිලධාරීන්ට හමුව තිබේ.‍උපුටා ගැනීම ”විජේසිංහ උඹට ශාප වේවා..මට මරණ තර්ජනය කරලා ගේ විකුණන්න බැරිනම් උඹව මරනවා කියලා හැම වෙලාවේම තර්ජනය කරනවා. දුවගේ ස්කෝලේ ළඟට ඇවිත් දවසක් දුව ළඟ ඉන්නකොට කොලරයෙන් අල්ලා ගෙදර ඇවිල්ලා අත්සන් කරන්න කියනවා.මට අත්සන් කරන්න බෑ කිව්වාම යකඩෙකින් ඔළුවට ගැහුවා. තවමත් නළලට උඩින් ඒ කැළල තියෙනවා.”උපුටා ගැනීම අවසන්.සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය මහනුවර මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් සිදුකළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img