Thursday, October 29, 2026
HomeNEWSලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව සම තරගකරුවෙක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි-ජනපති.

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව සම තරගකරුවෙක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි-ජනපති.

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව සම තරගකරුවෙක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයිThe Innovation Island Summit – 2025 සමුළුව අමතමින් ජනපති පවසයිනවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.‍ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ITC රත්නදීප හෝටලයේ ඊයේ (20) පැවති The Innovation Island Summit – 2025 සමුළුව අමතමිනි. The Innovation Island Summit – 2025 සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම ඔස්සේ පිළිඹිබු වන්නේ මෙරට නවෝත්පාදනය කෙරෙහි නව ව්‍යවසායකත්වය තුළ පවතින උනන්දුව සහ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිවරයා මානව ශිෂ්ටාචාරයේ විවිධ අදියර අප හඳුනාගෙන තිබෙන බවත්, එම මානව ශිෂ්ටාචාරයේ සෑම අලුත් පරිච්ඡේදයක්ම ලියැවෙන්නේ නවෝත්පාදන හරහා බවත් සඳහන් කළේය.සෑම විටම මිනිස් ශිෂ්ටාචාරය නව අදියරකට ඔසවා තබන්නට නවෝත්පාදන සිදු කළ කාර්යභාරය ඉතා වැදගත් බවත්, මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් නොවන නමුත් අවශ්‍යතාවය සපුරා ගන්නා ආකාරය වෙනස් වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අලුත් අවශ්‍යතා සපුරා ගන්නා මාලිදිය විසින් වෙළෙඳපොළ නිර්මාණය කරන බවත්, නව වෙළෙද පොළක් ඇති වන්නේ අවශ්‍යතා සපුරා ගැනීමේ මාදිලිය වෙනස් වුවහොත් පමණක් බවත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝකයේ රටවල් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ ඔවුන් වෙනස් වන මාදිලිය හඳුනාගෙන එය අත්පත් කර ගැනීම නිසා බවත්, අසල්වාසී ඉන්දියාව ඊට හොදම නිදර්ශනයක් බවත් කියා සිටියේය.අපේ රටේ නවෝත්පාදන සඳහා විශාල අවස්ථා තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව 2030 වසර වන විට ඩිජිටල්කරණයේ නව මාවතක් කරා ගෙන යෑමට අපේක්ෂා කරන බවද පැවසීය.නවෝත්පාදන සඳහා මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවක් ලබා දී ඇති බව කී ජනාධිපතිවරයා නව සොයා ගැනීම් වාණිජකරණය වෙනුවෙන් යොදාගත යුතුව තිබෙන බව ද පැවසීය.මේ වසරේ ඩොලර් බිලියන 19ක අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත්, එම අපනයන ආදායම සාක්ෂාත් කර ගැනීමට නම් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. නවෝත්පාදනයේ ප්‍රතිලාභ සමස්ත ජනතාව වෙත රැගෙන යෑමේ පරිසරය නිර්මාණය කිරීම රජයේ වගකීම බව පැවසූ ජනාධිපතිවරයා රජය අපේක්ෂා කරන අරමුණු රැසක් නවෝත්පාදනය හා බැදී පවතින බවද පැවසීය. ගෝලීය ආර්ථික තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග මෙන්ම ඩිජිටල්කරණය සහ නවෝත්පාදනයේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ට සහ ආයෝජකයින්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, නව ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන එන ලෙසද ඉල්ලීමක් කළේය.නවෝත්පාදන හා ව්‍යාපාර සඳහා ධනාත්මක පරිසරයක් රට තුළ දැනටමත් නිර්මාණය කර තිබෙන බවත්, ඒ සඳහා දක්ෂ ශ්‍රම බලකායක් අපේ රට සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img