කඩුළු 5 කින් ඕස්ට්‍රේලියාව පරදා 2025 ICC ලෝක ටෙස්ට් ශූරතාව දකුණු අප්‍රිකාව හිමිකර ගනී. ඕස්ට්‍රේලියාව: (212/10) (207/10), දකුණු අප්‍රිකාව: (138/10) (282/5).ලෝක ක්‍රිකට් ශූරතාවයක් දිනා ගැනීම දකුණු අප්‍රිකාවට කාලයක් තිස්සේ සිහිනයක්ව පැවති අතර එම සිහිනය අද දින සැබෑ කිරීමට හැකි වීම ගැන දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ලෝලීන්ද දැඩි සතුටට පත්ව සිටී.






















