Sunday, September 27, 2026
HomeNEWSලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ.මෙවර එහි තේමාව වන්නේ “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනයයි“.ලෝක සංචාරක සංවිධානය (UNWTO) 1979 සැප්තැම්බර් මාසයේදී මෙම දිනය නම් කරන ලද අතර, එය සැමරීම 1980 දී ආරම්භ විය.

සංචාරක කර්මාන්තය තිරසාර සංවර්ධන අරමුණු සාර්ථක කරගැනීමට වැදගත් වේ. එය රැකියා අවස්ථා නිර්මාණය , දුප්පත්කම අඩු කිරීම, සංස්කෘතික හුවමාරු කිරීම් සහ ආර්ථික වර්ධනය ගොඩනගා ගැනීමට උපකාරී වේ.

1997 ඔක්තෝම්බර් මාසයේදී තුර්කියේ ඉස්තාන්බුල්හි පැවති දොළොස්වන සැසියේදී, ලෝක සංචාරක දිනය සැමරීමේදී සංවිධානයේ හවුල්කරු ලෙස කටයුතු කිරීම සඳහා සෑම වසරකම සත්කාරක රටක් නම් කිරීමට UNWTO මහා මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව මෙවර සංචාරක දිනය සැමරීමේ නිල සත්කාරකත්වය හිමිව ඇත්තේ මැලේසියාවට වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 නොවැම්බර් 01 වන දා සිට TIN සහතිකය අනිවාර්යකෙරේ

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ සහතිකය හෙවත් TIN සහතිකය ලබා ගැනීම මේ වන විට අනිවාර්ය කර තිබේ. ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ වාසය...

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමකින් 17ක් මරුට

දකුණු අප්‍රිකාවේ Gauteng ප්‍රාන්තයේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට...

ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන එක්දින තරගය අද

රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරගය අද (27) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ, මෙරට වේලාවෙන් පස්වරු 03.00ටයි. කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගෙන සිටින...

අයෝමාල් මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයට

20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අයෝමාල් අකලංක සමත් වුණා. ඒ අද (27) පැවති මූලික තරගය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img