Tuesday, November 10, 2026
HomeNEWSවගා හානි ගොවීන්ට වන්දි දෙන්න මුදල් නැතිනම් සීනි බදු වංචා කළ අයගෙන්...

වගා හානි ගොවීන්ට වන්දි දෙන්න මුදල් නැතිනම් සීනි බදු වංචා කළ අයගෙන් එය ලබා ගන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

වගා හානි ගොවීන්ට වන්දි දෙන්න මුදල් නැතිනම් සීනි බදු වංචා කළ අයගෙන් එය ලබා ගන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රට පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව පානීය ජලය හිඟයකට මුහුණ දීමත් සත්ත්ව පාලනය වගා කටයුතු හා විදුලි ජනනයට ජලය ප්‍රමාණවත් නොවීම ද වන සතුන්ට පානීය ජලය හිඟවීමත් තෘණ භූමි වියලී යාමත් නිසා අර්බුධ රැසක් මතුව ඇති බවත් මෙය ජාතික වැදගත්කමක් ඇති සිදුවීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ වගා හානි වූවන්ට වගා රක්ෂණ වැඩසටහන යටතේ ලබා දෙන ප්‍රමාණයට වඩා ඔබ්බට ගිය වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා මුදල් නොමැති නම් 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා සීනි ආනයනය සදහා වන විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කළ බවත් ඒ කාලයේ සීන් මෙට්‍රික් ටොන් 400,000ක් ආනයනය කළ බවත් ඒ තුලින් රටට සිදුවූ පාඩුව රුපියල් බිලියන 15.9ක් බවත් මේ වංචාවට සම්බන්ධ වූ අය නිතිය හමුවට ගෙන විත් රටට අහිමි කළ ඒ මුදල් නැවත ලබා ගෙන වියලි කාලගුණය නිසා වගා හානි වූ ගොවීන් සඳහා ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න නගමිනි.

එසේ ම පාර්ලිමේන්තුවේ සිටින සමහර ඇමතිවරුන්ට ජල ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැති බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය. එසේම ගොවීන්ගේ වී සදහා ලබා දෙන සහතික මිල සම්බන්ධයෙන් ගැටලු රාශියක් මතුව ඇති බවත් වී කිලෝකවට දෙන රුපියල් 80ත් 85ත් අතර මුදල වියදම් පියවා ගැනීමට ද ප්‍රමාණවත් නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img