Thursday, November 5, 2026
HomeNEWSවත්මන් පාලනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉක්මනින්ම තීරණයක් ගත යුතුයි!"-ජයන්ත සමරවීර

වත්මන් පාලනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉක්මනින්ම තීරණයක් ගත යුතුයි!”-ජයන්ත සමරවීර

“හොරු රකින – හොරු හුරතල් කරන” වත්මන් පාලනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉක්මනින්ම තීරණයක් ගත යුතුයි!”-ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරරොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්ලජ්ජිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රොෂාන් රණසිංහ මහතා “ෂම්මි සිල්වා පමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් චෞර වළල්ලට” එරෙහිව ගත් ආදර්ශවත්, විශිෂ්ට ක්‍රියාමාර්ග දැඩි සේ අගය කරන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.අද(28) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එසේ පැවසීය.තම අපකීර්තිමත් දේශපාලන ඉතිහාසය නිසා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හෝ නොහැකි වූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ බවත් පසුව ඊනියා ගෝල්ෆේස් අරගලයේ පිහිටෙන් හා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ කර මතින් අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්වූ බවත් ඔහුට අද වන විට අමතකව ඇතැයි ද ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.කෝප් කමිටුව මගින් ද විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු වෙන වෙනම සිදු කළ විමර්ශනවලින් අනතුරුව නිකුත් කළ ස්වාධීන වාර්තා දෙකක් මගින් ද පෙන්වා දී තිබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් යනු හොර ගුහාවකි!” යන නිර්දේශය අනුව යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “සුද්ද කිරීමට” නිර්භීතව, එඩිතරව පියවර ගනිමින් සිටි රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා, අද තම විධායක බලතල යොදා ගනිමින් “පේළි දෙකේ ලිපියකින්” ගෙදර යැවීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එමගින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ “හොරුන්ට විරුද්ධව කට හොල්ලන්න එපා! එහෙම වුණොත් දොට්ට දමනවා!” යන්න යැයි සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා “ශ්‍රී ලංකා ක්‍රිකට් හොර ගුහාව සුද්ද කළ යුතු බවට” ගත් තීරණය මුළුමහත් පාර්ලිමේන්තුවම ඒකච්ඡන්දයෙන් අනුමත කර තිබියදී එයට පයින් ගසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අද “ශම්මි සිල්වා හුරතල් කිරීම” ජනතා පරමාධිපත්‍යයට එල්ල කළ මරු පහරක් බව ද සමරවීර මහතා මෙහිදී කීය.(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)මාධ්‍ය ලේකම්,ජාතික නිදහස් පෙරමුණ2023-11-28

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක...

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතා නියෝජිතයින් විපක්ෂ නායක සජිත් සමඟ කතා කළේ මොනවාද?

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාව...

2026 අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවේ

ජලාශවල පවතින ජල මට්ටම් හා වර්ෂාපතනය සැළකිල්ලට ගනිමින් මේ වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති...

(IOC) හා සයිනොපෙක් සමාගම් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවයි

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) හා සයිනොපෙක් සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img