ඔක්සිජන් අවශ්‍ය වන කොවිඩ් ආසාදිතයින් සඳහා වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ ස්ථාපිත කෙරුණු දැඩි සත්කාර ඇඳන් 20 කින් සමන්විත ප්‍රතිකාර වාට්ටුව අද (16) පෙරවරුවේ විවෘත කෙරුණි.
එහි ප්‍රතිකාර ලබන ආසාදිතයින්ට ඔක්සිජන් සැපයෙන්නේ විශේෂ පද්ධතියක් හරහා නළ මාර්ගයෙනි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ මෙම වාට්ටුව සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලැබුවේ
දෙස් විදෙස් පරිත්‍යාගශිලීන්ය.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 354,968 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.
ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 309,732 කි.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 39,140ක් දක්වා ඉහළගොස් තිබේ.
මෙරට කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (15) දිනය තුළ පුද්ගලයින් ලක්ෂය ඉක්මවු සංඛ්‍යාවක් සඳහා එන්නත්කරණය සිදුකර තිබේ.
ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 117,905 දෙනෙකු සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයින් 83,518 දෙනෙකු වෙත ලබාදී ඇති අතර එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 27,016 දෙනෙකු සඳහා ලබාදී තිබේ.
ගතවු දිනය තුළ කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2,204කි.
එහි දෙවන මාත්‍රාව ඊයේ දිනයේ ලබාදී ඇත්තේ පුද්ගලයින් 409 දෙනෙකු සඳහා පමණක් බව රජයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

























