Tuesday, August 11, 2026
HomeNEWSLatest Newsවතු කම්කරුවන් වෙනුවෙන් අයවැයෙන් පොරොන්දු වූ රුපියල් දහසේ වැටුප ලබා දීමට...

වතු කම්කරුවන් වෙනුවෙන් අයවැයෙන් පොරොන්දු වූ රුපියල් දහසේ වැටුප ලබා දීමට වැඩ පිළිවෙළක්

වතු කම්කරුවන් වෙනුවෙන් අයවැයෙන් පොරොන්දු වූ රුපියල්  දහසේ වැටුප ලබා දීමට වැඩ පිළිවෙළක්

වතු කම්කරුවන් වෙනුවෙන්  අයවැයෙන් පොරොන්දු වූ රුපියල්  දහසේ දෛනික වැටුප අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර වතු කම්කරුවන් වෙත ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

අයවැය සම්මත වීමෙන් පසු එම වැඩපිළිවෙළ සැකසීම වහා අරඹන බවද කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට සමත් නොවූ සහ නිසි ලෙස රැකබලා නොගත් වතු රජයට පවරා ගැනීම සඳහා පනතක් ගෙන එන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. 

කම්කරුවන්ගේ  පැමිණිලි වෙනුවෙන් ඇහුම්කන් දීමට සහ ඔවුන්ට උපදේශන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම සම්බන්දයෙන් ද කමිටුවේ අවධානය යොමු වූ අතර මුදල් වංචා කරන ලද නිලධාරීන් පිළිබඳ දීර්ඝ ලෙස කෝප් කමිටුවේදී අවධානය යොමු කළ යුතු බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම පිළිබඳව වීරසුමන වීරසිංහ මහතා කාරක සභාවේ අවධානයට යොමු කළ අවස්ථාවේදී කොවිඩ් 19 සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන්ට යටත්ව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරන  ලදි.   

උපදේශක කාරක සභාවට සහභාගි වූ ජගත් පුෂ්පකුමාර මහතා සමාගම්, සංස්ථා ඇතුළු අර්ධ රාජ්‍ය ආයතන සඳහා බඳවා ගැනීමේ පටිපාටියක් සහ උසස් වීම් ලබා දීමේ පටිපාටියක් සකස් කර හඳුන්වාදීමේ අවශ්‍යතාව කාරක සභාවේ අවධානයට යොමු කරන ලද අතර, කම්කරුවන් සඳහා පැන නගිනු ලබන සේවා ගැටලු සඳහා අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය ආයතනයන්හි මැදිහත්වීමේ වැදගත්කමද අවාධාරණය කළේය. 

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා  විතානගේ, ජගත් පුෂ්පකුමාර,වීරසුමන වීරසිංහ, උපුල් ම‍හේන්ද්‍ර රාජපක්ෂ, වඩිවේල් සුරේෂ්, ශාන්ත බණ්ඩාර,මධුර විතානගේ, උදයන කිරිඳිගොඩ,  අරවින්ද් කුමාර්, අසංක නවරත්න, වසන්ත යාපා බණ්ඩාර, කේ. කාදර් මස්තාන්, ගුණතිලක රාජපක්ෂ, රෝහණ දිසානායක,උපුල් ගලප්පත්ති, චමින්ද විජේසිරි, වී රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රිවරුන් සහ රජ්‍ය නිලධාරින් මේ අවස්ථාවට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොලොම්බියාවේ භූමිකම්පාවක්.. 77 දෙනකු මරුට

කොලොම්බියාවේ සිදුවූ රික්ටර් මාපක 7.4 ක භූකම්පනයකින් 77 දෙනෙකු, දැනට අවම වශයෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාගරට ඇප… විදෙස් ගමන් තහනම්

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග...

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img