Wednesday, November 11, 2026
HomeNEWSවයස 18ත් 30ත් අතර පිරිස එන්නත්කරණය අරඹන්නේ කවදා ද ?

වයස 18ත් 30ත් අතර පිරිස එන්නත්කරණය අරඹන්නේ කවදා ද ?

සැප්තැම්බර් මස දෙවන සතියේ සිට වයස අවුරුදු 18 -30ත් අතර පිරිස එන්නත්කරණයට සැලසුම්කර ඇති බව රජය පවසයි.

රජයේ මාධ්‍ය සකච්ඡාවට අද (22) එක්වෙමින් වසංගත රෝග  විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ, මිලියන 3.2ක පිරිසක් එම වයස් ඛාණ්ඩයට අයත් බවය.

“අපේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනය මිලියන 11.5 ක්. මොවුන්ට මාත්‍රා දෙකම දෙන්න අපිට මිලියන 23 ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැනට අපිට එන්නත් මිලියන 19.5ක ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉදිරි සති දෙක තුළ ඉතිරි එන්නත් ප්‍රමාණය සපයා ගන්න පුළුවන්. අපේ ඉලක්කය සැප්තැම්බර් මස මුල් සතිය වන විට අවුරුදු 30ට වැඩි සෑම කෙනෙකුටම  එන්නත් මාත්‍රා දෙකම ලබාදීම. අපි ඒ ඉලක්කයට සාර්ථකව ළඟාවෙමින් සිටිනවා. අද වන විට 30ට වැඩි ජනගහණයෙන් 99%කටම  ප්‍රථම මාත්‍රාව දී අවසන්.  30ට වැඩි කණ්ඩායමේ 48%කට දෙවන මාත්‍රාවද දී අවසන් ” 

මේ අතර වයස අවුරුදු 02 සිට 65 අතර පිරිස නිවසේ රඳවා ප්‍රතිකාරකර  බලාගැනීමේ වැඩසටහන සඳහා තෝරා ගන්නා බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඒ බව පැවසූවේ රජයේ මාධ්‍ය සකච්ඡාවට එක්වෙමින්ය.

එලෙස නිවසේ රඳවා ප්‍රතිකාරකර බලාගැනීමේ වැඩසටහන සඳහා තෝරා ගන්නා පිරිස දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන අය නොවීම, ඔවුන් සමග සන්නිවේදනය පවත්වා ගැනීම, රෝගීයාට වෙනම සිටීමට කාමරයක් තිබීම වැඩසටහනට අවශ්‍ය කොන්දේසි බවත් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.

අවම වශයෙන් දිනකට දෙවරක් වෛද්‍යවරුන් රෝගීයා හා සම්බන්ධ වෙමින් අවශ්‍ය උපදෙස් දෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“නිවසේ රඳවා ප්‍රතිකාර කරමින් බලාගැනීමේ වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළේ. මෙතෙක් කිසිම මරණයක් නිවෙස්වලින් වාර්තා වූයේ නැහැ. රෝග ලක්ෂණ උත්සන්නවීම නිසා ඉන් 05%ක් පමණ රෝහල්ගත කළා.  මේ ක්‍රමය සාර්ථක වූ නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළේ එය දිගටම ක්‍රියාත්මක කිරීමට. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග රෝගීන් ඉහළයෑම නිසා බරපතළ රෝගීන් සඳහා රෝහල් ඉඩ වෙන්කිරීම ඉන් අපේක්ෂා කළා.” යැයි ද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img