Saturday, November 14, 2026
HomeNEWSවහාම මැතිවරණයකට යන්න- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

වහාම මැතිවරණයකට යන්න- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන්න එපා. වහාම මැතිවරණයකට යන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

ජනාධිපතිවරයා විසින් කැදවන ලද සර්ව පාක්ෂික සාකච්ඡාවේ දී විපක්ෂය විසින් රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් විය යුතු යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළ බවත් ඒ අනුව යම්තාක් දුරකට අද එවැනි යෝජනා ප්‍රමාණයක් කතානායකවරයා විසින් ඉදිරිපත් කළ බවත් ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස එම යෝජනා පරිශීලනය කර සත්භාවයෙන් යුක්තව සහභාගී වෙන්න කැමති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය නිර්මාණය කළ යුත්තේ ජනතා සෛරීත්වය සහ ජනතා පරාමාධිපත්‍ය මත බවත් 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට කවුරු සඳහා ද යන ගැටලුව මතුවන බවත් අද වන විට පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් නොමැති බවත් එයට හේතුව වත්මන් රජයේ ඡන්ද භීතිකාව බවත් එබැවින් සර්ව පාක්ෂික සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ කරුණු අනුව මෙම ඡන්ද වරමට අවස්ථාව ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැදගත්ම මූලික පියවර වන්නේ මේ පළාත් සභා ක්ෂේත්‍රයේ වරමකට ඉඩක් ලබා දීම බවත් ඒ සදහා කඩිනමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දිය හැකි බවත් පළාත් සභා 9ම මේ කර්තව්‍ය ක්‍රියාත්මක කරලා මහජන නියොජිතයන් පත් කර 13 වැනි සංශෝධනය ගැන කතා කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ප්‍රකාශයක් සිදු කරමිනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ 134කගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයාට රටේ ජනවරමට ඉඩක් ලබා දෙන්න යුතුකමක් පවතින බවත් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩක් නැගුවත් දැන් එය නවත්වා තිබීම අනුමත කළ නොහැකි බවත් පැවසීය.

එබැවින් මැතිවරණයකට යාමට අවස්ථාව ලබා දී ජනවරමකට ඉඩක් ලබා දෙන ලෙසත් ජනතාව අසහනයට පත් කරන ක්‍රියාමාර්ගවලින් වැළකෙන ලෙසත් එදා රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධ වූවා සේ අද ද රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සෑම අවස්ථාවකම බාධා නොකරන බවත් ජනතාවගේ පැත්තෙන් සිතා යහපත් ඕනෑම දෙයකට ප්‍රගතිශීලීව එකග වන හෙයින් ජනතාව ඉල්ලා සිටින පළාත් සභා මැතිවරණ පවත්වා ඉන් අනතුරුව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට එක්වන ලෙස ද මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ආපස්සට ගන්නා බවට මාධ්‍ය වාර්තා පැවසුවත් එය අසත්‍ය බවත් ඒ සදහා දවස් 3ක විවාදයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img