Thursday, November 5, 2026
HomeNEWSව්‍යාපාරිකයෙකු ට පහරදී මුදල් කොල්ලකයි

ව්‍යාපාරිකයෙකු ට පහරදී මුදල් කොල්ලකයි

කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීප ඥාතියෙකු ඇතුළු පිරිසක් විසින් තමන්ට පහරදී මුදල් සහ ගෙල බැඳි රන් මාලය පැහැරගත් බව පවසමින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කළුතර දකුණ පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

කෙසේවෙතත් එම ව්‍යාපාරිකයා පවසන්නේ මෙතෙක් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය අසමත්වී ඇති බවය.

කළුතර දකුණ ප්‍රදේශයේදී පසුගිය 10 වනදා මෙම පහරදීම සිදුවී තිබුණි.

එහිදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි එම ව්‍යාපාරිකයාට හා ඔහුගේ සහෝදරයාට 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ පහරදීමක් සිදුකර ඇති බව ඔවුන් පැවසීය.

එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකයා ගමන්ගත් මෝටර් රථයේ තිබූ රුපියල් ලක්ෂ 12ක පමණ මුදලක්ද එම කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් ඇති බවට ව්‍යාපාරිකයා චෝදනා කරයි.

අනතුරුව ප්‍රභූ පුද්ගලයන් වෙත ලබාදෙන, දුරකථන අංකය සඳහන් නොවන ‘නෝ කෝලර් අයි.ඩී’ ලෙස සඳහන් දුරකථන අංකයකින් අදාළ ව්‍යාපාරිකයාට පුද්ගලයෙකු විසින් තර්ජනය කර ඇත්තේ පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි නොකරන ලෙස දන්වමිනි.

පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකයා සඳහන් කළේ,

“මම, මගේ මල්ලි සමග  මගේ පුතාව පාසලෙන් රැගෙන එන්න ගියා. ඒගොල්ලෝ ගාල්ලේ චාරිකාවක් ගිහින් තිබුණේ. මම ගෙදරින් පිටත්වෙලා මීටර් 200ක් විතර යනකොට මෝටර් රථ 3ක් ඇවිත් මගේ වාහනය හරස් කරලා නතර කළා. පුද්ගලයින් 12ක් විතර වටවුණා.”

“දොර අරින්න කියලා පොලුවලින් මගේ කාර් එකට ගැහුවා. එක්කෙනෙක් ඇවිත් පිස්තෝලයක් පෙන්නලා කිව්වා දොර අරින්න කියලා. මම අන්ලොක් කළා. මල්ලිගෙ පැත්තෙන් දොර ඇරලා මල්ලිට යකඩ පොලුවලින් ගැහුවා. පස්සේ මටත් ගැහුවා. ඒ වෙලාවේ මගේ කරේ තිබුණු රන් මාලයත් කඩා ගත්තා. ඒ වෙලාවේ මගේ කාර් එකේ රුපියල් ලක්ෂ 15ක මුදලක් තිබුණා. ඒකෙන් ලක්ෂ 12ක් විතර ඇදලා ගත්තා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවේ

ජලාශවල පවතින ජල මට්ටම් හා වර්ෂාපතනය සැළකිල්ලට ගනිමින් මේ වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති...

(IOC) හා සයිනොපෙක් සමාගම් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවයි

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) හා සයිනොපෙක් සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියෙව්වට පස්සේ පැරසිටමෝල් බොන්න සිදුවුණා- හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා

කොළඹ මල්පාර, දේශපාලන කාර්යාලයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පළ කළ අදහස්මම කතා කරන්න යන්නේ"ත්‍රස්ත¬වා¬දයෙන්...

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැන රජයේ විශේෂ අවධානය

සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, එහි ඉදිරි සංවර්ධනය සහ ඊට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img