Wednesday, November 11, 2026
HomeNEWSව්‍යාජ පුවතක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

ව්‍යාජ පුවතක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශ ආශ්‍රීතව යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට සමාජ මාධ්‍යජාලවල මෙන්ම අන්තර්ජාලය ඔස්සේ මේ වන විට අසත්‍ය පුවතක් නිර්මාණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා විසින් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ අසත්‍ය පුවත 2019 වසරේ අප්‍රේල් මස 25 වනදා යම් පුද්ගලයෙකු විසින් යවන ලද පණිවුඩයක් බවත් ඔහු නැවතත් එම අසත්‍ය පණිවුඩය බෙදා හැරීමක් සිදුකර ඇති බවත්ය.

එම නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු කලබලවීමක් අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් සිදුකරන බවද ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img