වැඩිම ආසාදිතයින් මාතරින්
කොවිඩ් -19 ආසාදිතයින් 331 දෙනෙකු ඊයේ (15) දිනය තුළ වාර්තා වී තිබුණි.
ඉන් 83 දෙනෙකු විදේශයන්හි සිටි මෙරටට පැමිණි පුද්ගලයින්ය.
ඊට අමතරව බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් 23 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 49 ක් ලෙසය.
ඊට අමතරව, මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 34 බැගින් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් ලෙස වාර්තා වේ.
අනෙක් ආසාදිතයින් 103 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88,238 දක්වා ඉහළගොස් තිබේ.
ඉන් 84,969 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර 2,742 දෙදෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
ශ්‍රී ලංකාව තුළින් වාර්තා වී ඇති කොවිඩ් – 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 532කි.






















