Thursday, November 5, 2026
HomeNEWSවැලිගම චාලිමවුන්ට් කර්මාන්ත පුරයේ පිවිසුම් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම.

වැලිගම චාලිමවුන්ට් කර්මාන්ත පුරයේ පිවිසුම් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම.

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වැලිගම චාලිමවුන්ට් කර්මාන්ත පුරයේ පිවිසුම් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කිරීම සහ කර්මාන්ත පුරයේ කර්මාන්ත හිමියන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡාවක් අද (04-21) උදෑසන දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව්. ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් චාලිමවුන්ට් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙහිදී කර්මාන්ත පුරයේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු සහ කර්මාන්ත හිමියන්ගේ ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මෙම උත්සව අවස්ථාව සංවිධානය කර තිබුණේ දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ ගරු සභාපති ආරියවංශ සම්මු මැතිතුමා ඇතුළු අධිකාරියේ රාජ්‍ය නිලධාරීන් විසිනි.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගරු සභාපති චම්ලි විතානාච්චි මැතිතුමා, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගරු සභාපති අරුණ ගුණරත්න මැතිතුමා, වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු උප සභාපති සුසන්ත ජයලත් මැතිතුමා, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම් සමීර ඩිශාන් මැතිතුමා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිශාන්ත මහේන්ද්‍ර මැතිතුමා, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ වේලාරත්න මැතිතුමා ඇතුළු පළාත් සහ මධ්‍යම රජයේ ආයතනවල ඉහළ නිලධාරීන්, මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමා, වැලිගම පොලීසියේ ස්ථානාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ නිලධාරීන්, චාලිමවුන්ට් කර්මාන්තපුරයේ කර්මාන්ත හිමියන්ගේ සංගමයේ ගරු ලේකම් නිශාන්ත වරාපිටිය මැතිතුමා, වාණිජ මණ්ඩලයේ ගරු සභාපති මෙත්තානන්ද මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

(IOC) හා සයිනොපෙක් සමාගම් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවයි

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) හා සයිනොපෙක් සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියෙව්වට පස්සේ පැරසිටමෝල් බොන්න සිදුවුණා- හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා

කොළඹ මල්පාර, දේශපාලන කාර්යාලයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පළ කළ අදහස්මම කතා කරන්න යන්නේ"ත්‍රස්ත¬වා¬දයෙන්...

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැන රජයේ විශේෂ අවධානය

සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, එහි ඉදිරි සංවර්ධනය සහ ඊට...

අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න-නාමල් රාජපක්ෂ

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න.-නාමල් රාජපක්ෂ ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img