මුලතිව්, වව්නිකුලමට කැබ් රථයක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් කුඩා ළමුන් දෙදෙනෙකු හා පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (19) පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් සිව්දෙනෙකු සිට ඇති අතර ඉන් 13 හැවිරිදි දරුවෙකු දිවි බේරාගෙන තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ 38 හැවිරිදි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු, ඔහුගේ තුන් හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි පිරිමි දරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
වැව නැරඹීමට ගිය අවස්ථාවේ කැබ් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.






















