‘‘විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීම් නොකළොත් 2029 වනතෙක් විද්‍යාපීඨවලින් ගුරුවරයෙක් පිටවන්නේ නෑ‘‘ – රෝහිණි කුමාරි විජේරත්න
වසර හතරකින් විද්‍යාපීඨ වලට දරුවන් බඳවා නොගැනීමෙන් ඉදිරි අවුරුදු හතරක කාලය තුළදී රටේ පාසල් පද්ධතියට ගුරුවරු එකතුවීමේ ක්‍රමවේදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සඳහන් කළේ, විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීම් සිදුකළේ නැත්නම් 2029 වනතෙක් විද්‍යාපීඨවලින් ගුරුවරයෙක් පිටවන්නේ නැති බවත් එයින් පීඩාවට පත්වෙන්නේ රටේ දුෂ්කර පළාත්වල දරුවන් බවත්ය.
ලංකාවේ විද්‍යා පීඨ තුළ මේවනවිට කණ්ඩායම් තුනක් අධ්‍යාපනය ලැබිය යුතු බවත් එක කණ්ඩායමක් සීමාවාසික පුහුණුව ලැබිය යුතු බවත් ඒ සීමා වාසික කණ්ඩායම අධ්‍යාපන පද්ධතියට එකතු වීමට නියමිත බවත් විද්‍යාපීඨ වලින් පිටවීමට ගුරුවරු කණ්ඩායමක් නැති බවත් එක කණ්ඩායමක් පමණක් විද්‍යාපීඨ තුළ සිටින බවත් රටේ අධ්‍යාපන තත්ත්වයේ කඩා වැටීම මේ කාරණයෙන් පේන්න තිබෙන බවත් කවිරත්න මහත්මිය පැවසුවාය.
රට තුළ 32,000 ක පමණ ගුරු හිඟයක් තිබෙන බවත් බඳවා ගැනීම් සිදුකිරීමට ක්‍රමයක් නැති නිසා ආණ්ඩුව විවිධ හේතු කියමින් එය මගහරිමින් සිටින බවත් ගුරුවරු බඳවා නොගන්නේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති නිසාදැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් ආණ්ඩුවේ තිබෙන නොහැකියාවෙන් අවසානයේ දුක් විඳින්නේ රටේ අහිංසක දරුවන් බවත් ඒ මහත්මිය හෙතෙම සඳහන් කළාය.
රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මේ බව සඳහන් කළේ අද (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිණි කවිරත්න මහත්මිය මෙසේද පැවසුවාය.
‘‘සම්පූර්ණයෙන් අධ්‍යාපනය කඩාගෙන වැටුණු රටක අපි ජීවත් වෙන්නේ. විදෙස් මාධ්‍ය ආයතනයක් සමඟ ජනාධිපතිවරයා සිදුකළ මාධ්‍ය හමුවකදී ඔහුත් පිලිගත්තා රටේ අධ්‍යාපනය බිඳවැටිලා කියලා. එය පිළිගත් ජනාධිපතිවරයාට රටේ අධ්‍යාපනට නගා සිටුවන්න ක්‍රමවේදයක් නැති එක ගැන කණගාටු වෙනවා.
සෑම තැනකින්ම පාඩුව විදගන්න සිදුවෙලා තියෙන්නේ රටේ ළමා පරපුරට සහ ගුරුවරුන්ට. මේ අධ්‍යාපන ගැටලු දෙස නොපෙනෙන්නා සේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.
ළමා දිනය ඉතා ඉහළින් සැමැරුවත් දරුවන්ගේ අධ්‍යාපන ගැටලු වලට නිසි විසඳුමක් ලබාදෙන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා.
උසස් පෙළ විභාගය සඳහා දින ඉල්ලා දරුවන්ට අරගල කරන්න සිදුවුණා. සමාජ මාධ්‍ය තුළ ඔවුන්ට දැඩි අරගලයක් කරන්න සිදුවුණා. උසස් පෙළ දරුවන් වෙනුවෙන් පෙනී සිටිමට ලැබීම භාග්‍යයක් ලෙස සලකනවා. ඒ වගේම ඒ දරුවන්ට උසස් ලෙස පෙනී සිට විශිෂ්ඨ ලෙස සමත්වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.
රටේ අධ්‍යාපනය ගොඩනගන්නේ නැතුව රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. ආර්ථිකය ගොඩනගන්නේ නැතුව රටේ ආර්ථිකය ගොඩනගන්නත් බෑ. ඒ ගැන පාලකයෝ තේරුම් ගත යුුතුයි. මෙය ගහයි පොත්තයි වගේ.
රටේ තිබෙන විද්‍යාප පීඨ වලට අවුරුදු 4 කි බඳවාගැනීම් සිදුකරලා නෑ. 2019 / 2020 / 2021 / 2022 කණ්ඩායම් තාම බඳවාගෙන නෑ. අවුරුදු 4 කින් විද්‍යාපීඨ වලට දරුවන් බඳවා නොගැනීමෙන් ඉදිරි අවුරුදු 4 ක් යනකන් පාසල් පද්ධතියට ගුරුවරු එකතුවෙන්න ක්‍රමවේදයක් නෑ.
ලංකාවේ විද්‍යා පීඨ ඇතුළේ කණ්ඩායම් තුනක් අධ්‍යාපනය ලබන්න ඕන. එක කණ්ඩායමක් සීමාවාසිකව එළියේ ඉන්න ඕන. ඒ සීමා වාසික කණ්ඩායම තමයි අධ්‍යාපන පද්ධතියට එකතු වෙන්නේ. නමුත් එළියට එන්න ගුරුවරු කණ්ඩායමක් නෑ. එකම එක කණ්ඩායමක් තමයි විද්‍යාපීඨ ඇතුලේ ඉන්නේ. රටේ අධ්‍යාපන තත්ත්වය මොන තරම් දුරකට වැටිලා තියෙනවද කියලා මේ කාරණයෙන් පේන්න තියෙනවා.
මේ වනවිට 32,000 ක ගුරු හිඟයක් තිබෙනවා. මේ වනවිට බඳවා ගැනීම් සිදුකරන්න ක්‍රමයක් නැතිව තිබෙනවා. උපාධිධාරීන්ට ගුරු පත්වීම් නොදී ආණ්ඩුව විවිධ හේතු කියමින් එය මගහරිමින් ඉන්නවා. ගුරුවරු බඳවා නොගන්නේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති නිසාද කියා අපි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා.ආණ්ඩුවේ තිබෙන නොහැකියාවෙන් අවසානයේ දුක් විඳින්නේ රටේ අහිංසක දරුවන්
විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීම් සිදුකළේ නැත්නම් 2029 වෙනකන් විද්‍යාපීඨවලින් ගුරුවරයෙක් එළියට එන්නේ නෑ.. එයින් පීඩාවට පත්වෙන්නේ රටේ දුෂ්කර පළාත්වල දරුවන්ට සහ දෙමාපියන්ට. පාසල්වල ගුරුවරු නැ කියන්නේ දෙමාපියන්ට සිදුවෙනවා දරුවන්ව ටියුෂන් පන්ති යවන්න. දෙමාපියන්ට දරුවන්වන්ට කන්න දෙන්න විදිහක්වත් නැතුව ඒ දේ කරන්න දෙමාපියන්ට වර්තමානයේ හැකියාවක් නෑ.
විද්‍යාපීඨ දරුවන්ට රුපියල් 5000 ක් දෙනවා. ඔවුන් මේ මුදලින් තමයි කෑම බීම ටික සපයා ගන්න ඕන. ඒ දරුවන්ට දවසකට වැටෙන්නේ රුපියල් 168 ක් වැනි සුලු මුදලක්. රුපියල් 168 න් වේල් තුනක් කාලා තේ වේල් දෙකකුත් බීලා ඉන්න පුලුවන් ආර්ථිකයක් රටේ තියෙනවද කියලා අධ්‍යාපන ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා පිළිතුර දිය යුතුයි.
අවසාන අවුරුද්දේ විද්යාපීටවල දරුවන් එළියට යන්න ඕන. එතකොට ඔවුන් නේවාසික පහසුකම් ගන්න ඕන. කෑම බීම ටික සපයා ගන්න ඕන. සීමා වාසික පුහුණුවට අදාල උපකරණ මිලදි ගන්න ඕන. මේවගේ දේවල් එක්ක ඒ ලැබෙන මුදල පිරිමහ ගන්න ඔවුන්ට නොහැකියි. විද්‍යාපීඨ දරුවන් කරන්නේ තමන්ගේ කෑම වේල අඩු කරන එක.
අවසානයේ ඉගෙන ගන්න දරුවා පමණක් නොවෙයි දරුවන් ඉදිරියට එන ගුරුවරයාත් මන්දපෝෂණය පෙළෙන තත්ත්වයට පත්වෙනවා.
අධ්‍යාපනයේ සේවාවන් 6 ක් තිබෙනවා. අධ්‍යාපන පරිපාලන සේවය / ගුරු අධ්‍යාපනඥ සේවය / විදුහල්පති සේවය / ගුරු උපදේශක සේවය / ගුරු සේවය / අනධ්‍යයන සේවය. මේ පද්ධති 6 ම ගැටලු රැසක් මේ වනවිට මතුවෙලා තියෙනවා. ඔවුන්ගේ වේතන පිළිබඳ උසස් වීම් පිළිබඳ ගැටලු රැසක් තිබෙනවා.
මේ සේවාවන් 6 ඉන්න පිරිස ඉන්නේ ගැටලුකාරී තත්ත්වයකනම් කොහොමද දරුවන්නේ අධ්‍යාපන තත්ත්වයේ ගුණාත්මක භාවය පිළිබඳ තක්සේරුවක් කරන්නේ.
රටට ගුරු අධ්‍යාපනඥයින් 2098 ක් රටට අවශ්‍ය කරලා තියෙනවා. නමුත් ඉන්නේ 680 ක් වැනි ප්‍රමාණයක් . මේ පිරිස තමයි විද්‍යාපීඨවල ඉගැන්වීමේ කටයුතු සිදුකරන්නේ. ගුරු අධ්‍යාපනඥ සේවය පිරිසක් බඳවාගන්න තවම වැඩපිළිවෙලක් සකස් කරලා නෑ. ගුරු අධ්‍යාපනඥයින් බඳවා ගන්න විවෘත විභාගයක් පවත්වලා තිබෙනවා නමුත් ඉතිරි වැඩ කටයුතු කරන්න විදිහක් නැති වෙලා තියෙනවා. සීමිත තරඟ විභාගය පවත්වලා සම්මුඛ පරීක්ෂණ තියලා 700 ක් පමණ තෝරාගෙන සිටියට ප්‍රායෝගික පරික්ෂණ තියලා නැ. විද්‍යාපීඨ වලට අලුතින් කණ්ඩායම් බඳවා ගන්නේ නැත්තේ ඉහත සඳහන් කළ ගැටලු තිබෙන නිසා.
ගුරු අධ්‍යාපනඥ සේවයේ පිරිසට විශාල වැටුප් විශමතාවයක් තිබෙනවා. ඒ වගේම විදුහල්පති ශ්‍රේණියේ 2 / 3 ශ්‍රේණිවල ඉන්න අයටත් වැටුප් විශමතාවයක් තිබෙනවා. මේ පිරිස අතරු ගැටුම් නිර්මාණය කරන්න ඉඩදීලා අධ්‍යාපන අමාත්‍යාංශය සද්ද නැතුව ඉන්නවා.
සුබෝධිනි වැටුප් වාර්තාවෙන් ගුරුවරු සහ විදුහල්පතිවරු හිර කරලා තිබෙන නිසා තමයි මේ ගැටලුකාරී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මේවා විසඳලා දෙන්න රජය දැන ගන්න ඕන.
සටනක් කරලා ගුරුවරුන්ගේ වැටුවෙන් තුනෙන් එකක් ලබාදීලා තියෙනවා. තව තුනෙන් දෙකක් දෙන්න තියෙනවා ආණ්ඩුවට සල්ලි නෑ කියලා මේ ගැන කතා නොකර සිටිනවා. එයි ගුරුවරු අන්න අසරණ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා.
ඉදිරියේදි ගේනන යන අයවැයෙදීවත් ගුරුවරුන්ගේ වැටුප සම්බන්ධයෙන් තීරණයක් අරගෙන ගුරුවරුන්ගේ වැටුප් විශමතාවය විසඳන්න කටයුතු කරන්න කියලා රජයට බලකර සිටිනවා.
විශ්‍රාම ගිය විශාල ගුරුවරු පිරිසක් රටේ ඉන්නවා. ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප තාම ලබාදීලා නෑ. ඒ වැටුප් ලබාදීම විශ්‍රාමික ගුරුවරුන්ට කරන සාධාරණයක්. ඒ ගැනත් ආණ්ඩුව අවධානය යොමුකළ යුතුයි.
බි සී පෙරේරා වැටුප් කොමිසමෙන් ගුරුවරු විශාල පිරිසකට අසාධාරණයක් සිදුවෙලා තියෙනවා. අද ඒ ගුරුවරුන්ට ඔවුන්ගේ බෙහෙත් ටික ගන්න බැරුව අසරණ වෙලා තිබෙනවා. මේ ගැනත් ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි.
රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට බාලගිරි දෝෂ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට කවුද හරස් වෙලා ඉන්නේ කියලා සොයා බලලා අධ්‍යාපන අමාත්‍යාංශය බේරුමක් කර ගත යුතුව තිබෙනවා. මේ මොහොතේ රටට දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය මොහොතක්.
==================================
ප්රශ්නය – ගුරුවරුන්ගේ වැටුප් විෂමතා මැද ඇත්තටම පුලුවන්ද ගුරු දිනයක් පවත්වන්න.
පිළිතුර – ඇත්තටම බෑ. මේකට ආණ්ඩුව වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. සුබෝධිනි වැටුප් වාර්තාවේ සඳහන් ගුරවරුන්ගේ වැටුපේ ඉතිරි තුනෙන් දෙක දෙනවද නැද්ද කියලා ගුරු දිනයේදී ආණ්ඩුව ප්‍රකාශ කරන්න ඕන කාරණයක්.
ගුරවරුත් විශාල ආර්ථික ප්‍රශ්න රැසකට මේ මොහොතේ මුහුණ දීලා ඉන්නේ. ආණ්ඩුවට ගුරු දිනය සමරන්න කිසිම හැකියාවක් නෑ.
ප්රශ්නය – ආණ්ඩුවේ ඇමැතිවරු කියනවා ගුරුවරුන් වැඩ කරන්නේ සතියට දවස් 5 යි. ඔවුන්ට මෙතරම් වැටුපක් ලබා දෙන්න අවශ්‍ය නෑ කියලා.
පිළිතුර – ඒ ප්‍රකාශයේ කිසිදු සාධාරණත්වයක් නෑ. ගුරුවරු කවදාවත් බැහැ කියන්නේ නෑ දරුවන්ට අමතර උගන්වන්න. නිවාඩු මාස වලත් ගුරුවරු පුහුණු වීම්වලට පවා යනවා. ඒ මතය ඉතාම දුර් මතයක්.
ප්රශ්නය – රටේ දුෂ්කර පාසල් වල විදුහල්පති සමඟ ඉන්නේ ගුරුවරු දෙන්නයි තුන්දෙනයි. මේ ගැටලුව තාම විසඳිලා නෑ.
පිළිතුර – පාසල් බොහෝමයක ඉන්නේ විදුහල්පතිවරයා සහ සංවර්ධන නිලධාරීන් කිහිපදෙනෙකු විතරයි. සංවර්ධන නිලධාරීන් වසර 3 ක් ඉගැන්වීමේ කටයුතු කරනවා. නමුත් මේ පිරිස අධ්‍යාපන පද්ධතියට එකතු කර ගන්න අධ්‍යාපන ඇමැතිවරයාට සහ ජනාධිපතිවරයාට කිසිදු අවශ්‍යතාවයක් නෑ. ඔවුන් දැඩි අපහසුතාවයකට දැන් පත් වෙලා ඉන්නවා. බැසිල් රාජපක්ෂ ලබාදුන්න තීන්දුවකට අනුව තමයි මේ පත්වීම් ලබාදීලා තියෙන්නේ. ඔවුන් ඒ අවස්ථාවේ අනාතවූවාද කියා සංවර්ධන නිලධාරීන් අතර මතයක් තිබෙනවා. ඔවුන් ගුරුවරු ලෙස ඉගැන්වීමේ කටයුතු සිදුකළත් ඔවුන්ව ගුරු සේවයට අන්තර්ග්රහනය කර ගන්න ක්‍රමවේදයක් තවම නෑ.
ප්රශ්නය – අධ්‍යාපන ඇමැතිවරයා වෘත්තිය සමිතිවලට පොරොන්දු වුණා මේ වසරේ අධ්‍යාපන ගැටලු සියල්ල විසඳනවා කියලා.
පිළිතුර – මේ අවුරුද්දේ මාස 10 ක් ගෙවිලා ඉවරයි. තාම විසඳපු ප්‍රශ්නයක් නම් නෑ. ගුරු අධ්‍යාපනඥ සේවයේ ගැටලු තවම විසඳලා නෑ. අධ්‍යාපන පරිපාලන සේවයේ ඉන්න අයගේ ගැටලු තාම විසඳලා නෑ. විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය තාම විසඳලා නෑ. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව විසඳලා නෑ. ගුරුවරුන්ගේ මාරුවීම් දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදුකරගැනීමට ක්‍රමවේදයක් නෑ. ගුරු උපදේශ සේවයේ නිරත පිරිසගේ වැටුප් විෂමතාවයට විසඳුම් නෑ. අනධ්‍යයන සේවයේ ගැටලු රැසක් තිබෙනවා. මේවා විසදන්නේ ඉදිරි මාස දෙකේද. ඇමැතිවරයාගේ කාලය එතකොට ඉවරයි.
2021 විද්‍යාපීඨ දරුවන් බඳවා ගන්න ගැසට් පත්‍රය පිළිබඳ මම පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ප්‍රශ්න කළා. මුලින් කිව්වා මැයි මාසයේ ගැසට් කරනවා කියලා. පස්සේ කිව්වා අගොස්තු ගැසට් කරනවා කියලා. ඊට පස්සේ කිව්වා ඔක්තොම්බර් මුල කියලා. බාලගිරි දෝෂය වගේ. දුෂ්කර පළාත් වලට ගුරුවරු යන්නේ විද්‍යාපීඨ වලින්. ඒ බඳවාගැනීම් නැතිව රටේ දරුවන් අසරණ වෙලා පිඩාවට පත් වෙලා ඉන්නේ.
දරුවන්ට මේවයින් වන පාඩු දරුවන්ටම දරාගන්න කියලා කියනවානම් වැඩිහිටියන් විදිහට ඒක යුතුකමක් නෙවෙයි.
ප්රශ්නය – උසස් පෙළ ඉහළ ප්‍රතිඵල ලබාගත්තේ දරුවන්ගෙන් 4 දෙනෙක්ම කොළඹ දිස්ත්‍රික්කයේ දරුවන්.
පිලිතුර -එක හේතුවක් තමයි ලංකාවේ තිබෙන අධ්‍යාපන ක්රමයේ ගුරු තුලනයක් නැ. දරුයන්ට ටියුෂන් වලින් මේ දේවල් කර ගන්න කියලා කාටවත් අත පිසදාගන්න බැ. උසස් පෙළ ලියලු දරුවන් කොවිඩ් වසංගතය නිසා අරගල නිසා උගන්වන්න ගුරුවරු නැති පාසල් වල දරුවන් තමයි විභාගවලට මුහුණ දෙන්නේ. සල්ලි තියෙන අය දරුවන්ව අමතර පන්ති වලට යවන්න ඇති.
විල්ගමුව දරුවෙක් අමතර පන්ති යනවානම් ඒ දරුවා මහියංගනයට යන්න ඕන. නැත්නම් කුරුණෑගලට හෝ නුවර හෝ මාතලේ යන්න ඕන. පන්ති ගාස්තු ගෙවාගෙන බස්වලට වියදම්දරාගෙන දරුවන්ට උගන්වන්න දෙමාපියන්ට හොද ආර්ථිකයක් රටේ නෑ.
ප්රශ්නය – මෙවර විශ්ව විද්‍යාලවලට වැඩි පිරිසක් අරගෙන තියෙනවා. ඒ වගේ අලුතින් විශ්ව විද්‍යාල ආරම්භ කරන්න සිදුවෙනවා කියලා උසස් අධ්‍යාපන ඇමැතිවරයා කියනවා.
පිළිතුර -ඩවිද්යාපීඨ විශ්වවිද්‍යාල කරනවා කියලා ඒ තීරණය හොදයි. අධ්‍යාපන පද්ධතියට එන කෙනා උපාධිධාරියෙක් විදිහට එන එක හොදයි. නැත්නම් තවත් කාලයක් යනවා උපාධිය කරගන්න. උපාධිය තිබෙන කෙනා බලන්නේ තවත් ඉගෙන ගන්න දැනුම වැඩි කරගන්න.
විද්‍යාපීඨ 17 විවෘත කර ගන්න බැරුව ඉන්න ආණ්ඩුව කොහොමද අලුතික් විශ්වවිද්‍යාල හදලා ඒවට පහසුකම් දෙන්නේ. මේ කතා හොදයි අලුත් ඡන්දවලට ලයිට් එකක් දාන්න. දරුවෝ හොද දේශපාලන ශාක්ෂරතාවයකින් ඉන්නේ. දරුවන්ගේ අදහස් බිල්ලට දීලා කරන දේශපාලනවලට අලුත් පරම්පරාව බිලිවෙන්නේ නෑ.
ප්රශ්නය – ඊටීඑෆ් එක සහ ඊපීඑෆ් එක එකතු කරන්න යනවා කියලා ජනාධිපතිවරයා කිව්වා
පිලිතුර – අයි එම් එෆ් දෙවැනි වාරිකට ලැබුණන්ම් අපිට බලන්න තිබුණානම් මෙවර අයවැය සම්පුර්ණ අයවැයක් වෙන්න තිබුණා. නමුත් ආණ්ඩුවටත් මේ අයවැය ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. අයි එම් එෆ් දෙවැනි වාරිකය ගැන ස්ථිර තීරණයක් නැති නිසා.
බදු වැඩිකරලා ණය ගෙවන්න තමයි ආණ්ඩව සුදානම් වෙන්නේ. ආර්ථිකයේ තිබෙන විශාලම ගැටලුව තමයි ණය කළමනාකරණය සහ ආර්ථික උත්පාදනය. ආර්ථික උත්පාදනය කරන කාරණයෙන් වැටුප් ලබන පිරිසට ආණ්ඩුවක් පහරක් එල්ල කරලා තිබෙනවා. ඊලට ගහන්නේ ඊටීඑෆ් එකටයි ඊපීඑෆ් එකටයි.
පැහැදිලිව පේනවා ආණ්ඩුව ආර්ථිකය උත්පාදනය කර ගන්න යන්නේ ඊටීඑෆ් එකටයි ඊපීඑෆ් එකටයි ගහලා. ඒ හරහා තමයි ආණ්ඩුව ණය කළමානාකරණය කර ගන්න හදන්නේ.
ප්රශ්නය – සමාජ මාධ්‍යවලට එරෙහිව ගේනන යන පනත සම්බන්ධයෙන්
පිලිතුර – ඒක භයානක පනතක්. ඒක අයිසින් තවරලා දෙන වස කේක් එකක් විදිටහ තමා දකින්නේ එක හොද දෙයක් ඒ පනතේ තියෙනවා. අනිත් පුද්ගලයන් අපහසුතාවයට ලක්වෙන විදිහේ ඡායාරූප පලකරොත් නඩු දාන්න පුලුවන් ඒක හොද දෙයක්. නමුත් අනිත් කරුණ සියල්ල මර්ධනයට තමයි භාවිතා කරන්න යන්නේ.
රටේ ආර්ථිකය බිඳවැටීමට සහ උද්දමනයට විරුද්ධව නගන ජනතා හඩ යටපත් කරන්න තමයි මේ පනත් ගෙනල්ලා තියෙන්නේ.






















