Friday, September 4, 2026
HomeNEWSLatest Newsවිදුලි බිල අඩු කිරීමට ක්‍රමවේදයක් සකසන බව අගමැති කියයි.

විදුලි බිල අඩු කිරීමට ක්‍රමවේදයක් සකසන බව අගමැති කියයි.

විදුලි බිල අඩු කිරීමට ක්‍රමවේදයක් සකසන බව අගමැති කියයි.

බෞද්ධ උරුමය රැකගනිමින්, සියලුම ආගම්වල ගෞරවය සහ සියලු ජාතින්ගේ අයිතිවාසිකම් රැක ගැනීමටත් ගතවුණු කෙටිකාලය තුළ රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසqවේ අද (2020.07.08) පස්වරුවේ කැන්ඩියන් රීච් හෝටලයේදී මහා සංඝරත්නය හමුjq අවස්ථාවේදීය.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ටත්, රටටත් සෙත් පතමින් ජය පිරිත සජ්ජායනා කිරීමද මෙහිදී සිදු කෙරිණි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා-

මේ සමුළුවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි. අද බදාදා. කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් කරලයි මම ආවේ. කැබිනට් මණ්ඩලයේදී විදුලිබිල අඩු කරන්න ක්‍රමයක් සකසන්න තීරණයක් ගත්තා. පහුගිය මාස තුනේ විදුලිබල අඩුකරන්න අවශ්‍ය පියවර ගන්න අපි සූදානම් වෙලයි ඉන්නේ. අද දවස ඉතා වැදගත් දවසක්. සංස්කෘතිය රැකගැනීම‍, පුරාවස්තු සුරැකීම, රටේ උරුමය ආරක්ෂා කර ගැනීම ආදී වගකීම් අපේ රජයක් යටතේ ඉතා නිවැරදිව මේ වන විට ඉටු කරමින් සිටිනවා. මුහුදු මහා විහාරය ඇතුළු බෞද්ධ උරුමය රැකගෙන සියලුම ආගම්වල ගෞරවය සහ සියලු ජාතින්ගේ අයිතිවාසිකම් රැකීමට මේ කෙටිකාලය තුළ අපි පියවර ගත්තා.

පසුගිය ආණ්ඩුව හාමුදුරුවරු අත්අඩංගුවට අරන් හිරේ දැම්මා. පන්සලේ අලි ඇතුන් සිටියා කියලත් හිරේ දැම්මා. පෙරහැරට අලි ඇතුන් ගෙනයාමත් එක්තරා අවස්ථාවක තහනම් කළා. කතරගම දේවාලයේ වාසනා ඇතා පින්නවලට ගෙනාවා. පොලීසිය, වනජීවි එක මැදිහත් කරගෙන සංස්කෘතික අංග පන්සලෙන් ඈත් කරන්නයි මේ දේවල් කළේ. 

ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරට අලි ඇතුන් ලබා නොදීමට තීරණය කරපු අවස්ථාවකුත් තිබුණා. මුලතිව්, ගුරුකන්ද විහාරයේ නායක හාමුදුරුවන් අපවත් වුණාම උන්වහන්සේගේ දේහය ආදාහනය කරන්නත් සටනක් කරන්න වුනා. සමහර එන්.ජී.ඕ තමයි මේවාට මුල් වුණේ. 2015 දී අපිව පරාජය කරන්න කටයුතු කරපු නඩ තමයි මෙවැනි දේවල මූලිකත්වය ගත්තේ.

පුරාවස්තු රැකගැනීමට, පන්සල් ආරක්ෂා කරන්න තිබුණ සංස්කෘතික අරමුදලෙන් පාලම්, ගෙවල් හැදුවා. මම ජනාධිපතිවරයා සමයේ උපාසක උපාසිකාවන්ට සිල්රෙදි බෙදන්න යෝජනාවක් ඉදිරිපත්වුණා. අපි සිල් රෙදි බෙදුවා. අන්තිමට අනූෂ පැල්පිට හා ලලිත් වීරතුංග හිරේ ගියා. තවමත් නඩුව යනවා. ලංකාවේ ඉහළම රජයේ නිලධාරියාට ජම්පර් ඇන්දුවා. 

88-89 කාලේ භීෂණය ගැන අද හුඟක් අයට අමතයි. එදා බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් ටයර් සෑවලට යට වුණා. වධකාගාරවලට ගෙනහින් වද දුන්නා. ඒකට කිව්වේ ධර්මචක්‍රයේ ගහනවා කියලා. එතනින් නැවතුණේ නැහැ. අපි දැක්කා මේ කාලයේ දී වෙහෙර විහාර, දාගැබ් කඩලා නිදන් හෑරුව හැටිත්. ඒවා අපිට අමතක නැහැ. 

පහුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වුණා. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ බලය ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට හිමිවෙන්න ඕනේ. නැත්නම් මෛත්‍රී – රනිල් විරසක වුණා වගේ විරසකයක් ඇති වෙලා අගමැති කියන දේ ජනාධිපති කරන්නෙත් නැහැ. ජනාධිපති කියන දේ අගමැති කරන්නෙත් නැහැ. අවසානයේ ජනතාව පීඩා විදිනවා. එදා ජනාධිපතිවරයා නියෝජනය කරපු දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ බලය තිබුණ නිසයි අපිට යුද්ධය අවසන් කරන්න පුලුවන් වුනේ සහ රට සංවර්ධනය කරන්න පුලුවන් වුණේ. 

ඒ වගේම අපි සැලසුම් කරපු විදියට නම් මේ වෙද්දි මධ්‍යම අධීවේගී මාර්ගය අවසන් වෙන්න ඕනේ. නමුත් ඒ ව්‍යාපෘති වසර දෙකකට වැඩි කාලයක් ප්‍රමාදයි. මේවා වෙනස් විය යුතුයි. මේ දිස්ත්‍රික්කයේ වාරිමාර්ග, මහාමාර්ග සකස් කර පානීය ජල ගැටලුවට හැකි ඉක්මනින් විසදුම් දිය යුතුයි. 

මම ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේගේ ගමේ, පන්සල වටා ඇති ප්‍රශ්න පිළිබඳව සොයාබලා ප්‍රශ්න විසදීමට වගේම ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවලදීත් ඔබ වහන්සේගේ සහාය, උපදෙස් අපි බලාපොරොත්තු වෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, අනෙකුත් ආගමික නායකයින්ගේද අදහස් අනුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් රට සෑම අතින්ම සංවර්ධනය කිරීමට අපි පියවර ගන්නවා.

ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ සමස්ත ලංකා සභාපති හා කුරුණෑගල දිස්ත්‍රික් සභාපති වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙමටළුව දික්වැහැර උභය විහාරාධිපති රැකව ශ්‍රී ජිනරතන නායක ස්වාමීන් වහන්සේ විශේෂ පැවිදි අනුශාසනාව කළ අතර, කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ ලේකම්, කුරුණෑගල බෞද්ධාලෝක විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය ගල්නෑවේ ධම්මරතන ස්වdමීන් වහන්සේ  මෙහි පිළිගැනීමේ කතාව සිදු කළහ. 

මෙම අවස්ථාවට ප්‍රදේශයේ විහාරස්ථානවල වැඩ සිටින භික්ෂූන් වහන්සේලා රැසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img