විදෙස්ගතව පැමිණි තිදෙනෙකුට කොරෝනා
තවත් කොවිඩ් – 19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට පැමිණි තිදෙනෙක් මෙසේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2885 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අතරින් ආසාදිතයින් 2658 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 216කි.






















