Sunday, November 8, 2026
HomeNEWSවිදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් රජයෙන් අලුත් තීරණයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් රජයෙන් අලුත් තීරණයක්

ඉදිරියේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජනාධිපති කාර්යාලය සමඟ එක්ව කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

අද (28) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ බව පැවසීය.

මෙම නව කාර්යාලය Oversease Sri Lankan Office යනුවෙන් හඳුන්වයි.

නව කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විදේශයන්හි ජීවත් වන ඩයස්පෝරා සමග සාකච්ඡා කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කැනඩා සහ එංගලන්තයේ සිටින ඩයස්පෝරා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ බවත් ලාංකික සම්භවයක් ඇති විශාල සංඛ්‍යාවක් එම රටවල ජීවත් වන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලක්ෂ 50ක් පමණ ලාංකිකයන් විදෙස් රට වල ජීවත් වෙන අතර ලංකාව ඔවුන්ගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවදැයි සිතා බැලිය යුතු බවය.

මෙරට විදේශ ප්‍රතිපත්තිය වූ නොබෙදී ප්‍රතිපත්තිය සහ මධ්‍යස්ථ ප්‍රතිපත්තියෙන් ඉවත් නොවී රටවල් සමග ආර්ථික සබඳතා දියුණු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද පැවසීය.

මෙම වසරේ 280,000ක් පමණ පිරිස විදෙස් රැකියා සඳහා යැවීමට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

තව දුරටත් එම සංඛ්‍යාව වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා සංචාරක වීසා මත ගොස් ඕමානයේ රැඳී සිටි 300ක් පමණ පිරිස මෙරටට ගෙන්වා ගැනිමට හැකි වූ බවද සඳහන් කළේය. 

එම එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 17ක් පමණ වියදමක් දැරීමට සිදුවූ බවද අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img