විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන පේෂණ ප්‍රමාණය 75% කින් ඉහළ ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය. 2022 වසරේ මුල් මාස හයේදී මෙරට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන එක්දහස් හයසිය නමයක් වන අතර මෙම වසරේ මුල් මාස හය තුළ දී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2822 දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
- පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ශව මේ වසරේ මුල් මාස හය තුලදී විදේශගත ශ්‍රමිකයින් එවූ මුදල් ප්‍රමාණය සියයට 75කින් ඉහළ ගිහින්






















