Friday, November 6, 2026
HomeNEWSවිදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වසරේදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7 ක්.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වසරේදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7 ක්.

*විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වසරේදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7 ක්**බිලියන 4 ක චෙක්පත් අමාත්‍ය මනුෂ නානායක්කාරගේ අතින් ජනාධිපතිතුමාට**මනුෂ ගෙන යන වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්වේ*ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත අද (29) පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් භාරදෙනු ලැබීය.රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදීම සිදුකර ඇත.අදාල රුපියල් බිලියන 7ක මුදලින් මිට පෙර රුපියල් බිලියන 3 මුදලක් ජනාධිපතිවරයාට ලබාදුන් අතර එම අවස්ථාවේදීම මහරගම අපෙක්ෂා රෝහලට ඖෂද මිලදී ගැනීම සඳහාද රුපියල් මිලියන 100ක මුදලක් ලබාදීමටද පියවර ගෙන තිබිණි. මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් මහතා, අමාත්‍යවරයාගේ උපදේශක ශාන් යහම්පත් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. මෙහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය 2023 වර්ෂය තුල ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන්ද සමාලෝචනය කරනු ලැබීය. අමාත්‍යංශය විසින් මේවන විට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ජනාධිපතිවරයාව දැනුවත් කළේය. එහිදී ගරු සරු වැඩසටහන මගින් මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නිතරවන පිරිසට ගෞරවයක් ලබාදීමටත්, ඔවුන් සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා එක් කර ගනිමින් ශ්‍රම වෙළෙඳ පොළට අදාල තොරතුරු පද්ධතියට සම්බන්ධ කිරීම, සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාව දැනුවත් කළේය. මෙරට තුලට ප්‍රේෂණ ගලා ඒම වර්ධණය කිරීම සඳහා විදේශගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර හදුන්වාදීම හා ඒ හා සම්බන්ධ කරුණු, විදේශගත ශ්‍රමිකයන්ගේ සංගම් ඇති කරමින් කරගෙන යන වැඩපිළිවෙල, ස්මාට් ක්ලබ් වැඩසටහන යටතේ සිදුකරන වෘත්තිය මාර්ගෝපදේශන වැඩසහන්, පිළිබඳවද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය. මේ අතර ගතවූ මාස 18 ක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් ලබා ගැනීමට හැකි වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා විදේශ ගත ශ්‍රමිකයින් හට හදුන්වා දුන් විශ්‍රම වැටුප් ක්‍රමයක් හදුන්වාදීම, විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් වෙනුවෙන් වෙනම ද්වාරයක් විවෘත කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාව දැණුවත් කළේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරණයට ගනු ලබන පියවර සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළේය.විදේශගත ශ්‍රමකයින්ගේ ප්‍රේෂණ, මෙරටට විදේශ විනිම ගලා එන ප්‍රධානතම ප්‍රභවයක් ලෙස සඳහන් කළ ජනාධිපතිවරයා, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගෙන යන වැඩපිළිවෙලට සිය සතුට පළකර අතරම නව රැකීරක්ෂා පනත මගින් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට ගෙන ඇති පියවර සිය ඇගයීමට ලක්කළේය. මීට පෙර ඉතිහාසය පුරා අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3382ක මුදලක් ලබා දී තිබුනද එක් වර්ෂයක් තුලදී රුපියල් බිලියන 7ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img