විපක්ෂයේ සේවාව ශක්තිමත්ව කිරීමට සුදානම් – සජිත්
විපක්ෂයේ සේවාව ශක්තිමත්ව සිදුකිරීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉකුත් මහමැතිවරණයේ දී තමන්ට සහාය දැක්වු ජනතාවට ස්තූතිය පළ කිරීම සඳහා අද (09) කෙසෙල්වත්ත සුචරිත ශාලාව අසලට පැමිණි අවස්ථාවේ ඔහු මේ අදහස් පළ කළේය.
එහිදි ඔහු මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ ආගම්වාදය, ජාතිවාදය, අන්තවාදය, සහ ත්‍රාස්තවාදය මෙරටින් මුලින් උපුටා දැමීමට විපක්ෂය ලෙස කටයුතු කරන බවය.
එමෙන්ම විපක්ෂ නායක සේවාව නිරතුරුවම ජංගම සේවාවක් බවට පත්කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
අනතුරුව ඒ මහතා විහාරස්ථාන කිහිපයක මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසුව කෙසෙල්වත්ත සුචරිත ශාලාවේ පැවති පිළිගැනීමේ උත්සවයකට එක් විය.






















