Friday, September 4, 2026
HomeNEWSLatest Newsනව පණක් ලැබු මත්තල ගුවන්තොටුපොළ

නව පණක් ලැබු මත්තල ගුවන්තොටුපොළ

නව පණක් ලැබු මත්තල ගුවන්තොටුපොළ

වසර පහකට ආසන්න කාලයක් අක්‍රියව පැවති මත්තල ගුවන්තොටුපොළ යොදාගෙන අමෙරිකාව සහ යුරෝපා රටවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දැවැන්ත මෙහෙයුම අද (09) ආරම්භ කළේය.

ඒ, එමිරේට්ස් ගුවන්සේවය සමගිනි.

පාඩු ලැබීම හේතුවෙන් පසුගිය ආණ්ඩුව සමයේ මෙම ගුවන්තොටුපොළ විකිණීමට සූදානම් කර තිබුණි.

මෙරට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ විවෘත කෙරුණේ 2013 මාර්තු 18 වැනිදාය.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ බහාලුම් සංකීර්ණයේ වී ගබඩා කිරීමට තීරණය කෙරුණේ බොහෝ පාර්ශ්වවල විරෝධය ද නොතකමිනි.

වසර පහකට ආසන්න කාලයක් අක්‍රියව පැවැති මත්තල ගුවන්තොටුපොළ යළි විශාල කාර්යභාරයක් ඉටු කළේ කොවිඩ් වසංගතයට කොටුවී සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම්වලදීය.

ජූනි සහ ජූලි මාසවල දී පමණක් ගුවන් ගමන් වාර 70 කට අධික ප්‍රමාණයක් හසුරුවමින් මගීන් 2500කට අධික පිරිසකට සේවා සැපයීමට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට හැකිවිය. 

නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් මත්තල ගුවන්තොටුපොළ මගින් අමෙරිකාව සහ යුරෝපා රටවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් ආරම්භ වුණේ අද උදෑසනය.

ඒ අනුව ටොන් 28 ක නිමි ඇඳුම් ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ එමිරේට්ස් ගුවන් යානයකින් එම රටවලට යැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img