විපක්ෂය සිහින මවන ආකාරයට කොරෝනා ඛනිජ තෙල් පොකුරක් මතු වෙන්නේ නැහැ – බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල
ප්රශ්නය
සභාපතිතුමා මේ වන විට සේවකයන්ට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මොනවහරි ආයතනය තුළ සලසලා තියෙනවා ද?
පිළිතුර
මොහොමඩ් උවයිස් මහතා (සභාපති – කොලොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම)
අපේ ආයතනය සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයටම පිළිපැද්ද ආයතනයක්. අත් සේදීම මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරලා. විසබීජහරණය කරලා තියෙනවා. වාහනයේ ටයර් පවා විෂබීජහරණය කරලා තමයි අපි ඇතුලට ගන්නෙ. ඉතිං අවාසනාවන්ත ලෙස මේ මොහොතේ මේක ඇවිල්ල තියෙනව. නමුත් දැඩි විශ්වාසයක් තිබෙනවා ආයතනයක් විදියට අපිට මේක පාලනය කරගන්න පුළුවන් වේවි කියලා.
ප්රශ්නය
දොළොස් දෙනෙක් දැන් රෝගී වෙලා තිබෙනවා. ඔවුන් දොළොස් දෙනා සම්බන්ධයෙන් ආයතනය ගත්ත ක්‍රියාමාර්ග මොනවාද?
පිළිතුර
මොහොමඩ් උවයිස් මහතා (සභාපති – කොලොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම)
ආයතනයක් විදිහට අපි රුපියල් විසි දහසක පමණ වටිනා බඩුමල්ලක් සහ ඇඳුම් පැළඳුම් අපේ ආයතනයෙන් දෙන්නත් අපි වගබලා ගෙන තිබෙනවා ගරු ඇමතිතුමාගේ උපදෙස් මත. ඒවත් අපි කරගෙන යනවා.
ප්රශ්නය
එතකොට නිරෝධායනයට යොමුකළ නැද්ද කවුරුත් මේ වන විට
පිළිතුර
උදය ගම්මන්පිල ඇමතිතුමා – දැනට ඔබ දන්නවා නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් සිටින්නේ විදේශ රටවල සිට පැමිණෙන අය අන් සියලු දෙනාම ආණ්ඩුවේ ක්‍රමවේදය වෙන්නේ නිවෙස් ගතව නිරෝධායනය වෙන්න ඒ අනුව ඒ අයගේ පළමු ආශ්‍රිතයන් සියලු දෙනාටම නිවෙස් ගතව නිරෝධායනය වෙන්න දැනුම් දීලා තියෙන්නේ.
ප්රශ්නය
සභාපතිතුමා ඊයේ අර මාධ්‍ය හමුවේ දී කිව්වා නොයෙක් ගැටලු මතුවෙන්න පුළුවන් ඉදිරියේදී තෙල් බෙදාහැරීම් වලදි කියලා. සංස්ථාව මේ කොරෝනා ප්රශ්නය හින්දා යම් කිසි ක්‍රියාමාර්ගයක් අරන් තිබෙනවාද ඒ සම්බන්ධව
පිළිතුර
මොහොමඩ් උවයිස් – මොහොමඩ් උවයිස් මහතා (සභාපති – කොලොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාග
ඔබතුමාලා දන්නා ආකාරයට අපේ තොග ගබඩාවෙන් 50%ක තොග තිබෙන්නේ මුතුරාජවෙල අනෙක් 50% තිබෙන්නේ කොළොන්නාවේ. අපි මේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙකේම සේවක මුර වලට තමයි සේවකයන් කැඳවීම් කරන්නේ වැඩ වලට. ඒ කියන්නේ දවස් හතක් එක දිගට එක කණ්ඩායමක් එනවා ඊට පස්සේ ඒ කණ්ඩායමෙන් අනිත් කණ්ඩායම වැඩ බාරගන්නා විට විෂබීජහරණය කරලා අලුත් කණ්ඩායම යොදාගන්නවා. ඒ කියන්නේ දවස් 14ක් හම්බෙනවා මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් ඒ අය හඳුනා ගැනීමට. ඒකෙ ප්‍රතිඵලයක් ලෙසින් තමයි කිසිම අඩුවක් නැතිව සේවය පවත්වාගෙන යා හැක්කේ. මේ කොරෝනා රෝගීන් 12ක් හමු වුණාටත් පස්සෙත් අපිට සේවය පවත්වාගෙන යා හැක්කේ අපේ වැඩපිළිවෙළ හින්දා. කිසිම අඩුවකින් තොරව අපිට රටට ඉන්ධන දෙන්න පුළුවන් කියලා වගකීමෙන් කියන්න කැමතියි.
ප්රශ්නය
සේවකයන් අතර ගැටලුවක් ඇතිවෙයිද ?
පිළිතුර
මොහොමඩ් උවයිස් මහතා – සේවක ගැටලුවක් නම් ඇති වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ අපි සේවකයන් වෙනුවෙන් තමයි මේ සියලු දේ කරන්නේ.
උදය ගම්මන්පිල ඇමතිතුමා – ඇත්තෙන්ම සේවකයින්ගෙන් පැත්තෙන් කිසිම භීතිකාවක් ඇති වෙලත් නැහැ. අපේ නිලධාරීන් වගේම වෘත්තීය සමිති ඉතා සහයෝගයෙන් සාමූහිකව කළමනාකාරීත්වය සමග එකතුවෙලා රටේ අත්‍යවශ්‍ය සේවාවක් වන ඛනිජ තෙල් බෙදාහැරීම නිසියාකාරයෙන් සිදු වන බව තහවුරු කරන්න කටයුතු කරමින් ඉන්නවා. රට අඩපණ කරන්න අවශ්‍ය පිරිස් තමයි නැති ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ දරන්නේ. නමුත් මේ ආයතනය තුළ එය සිදු කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. මොකද කළමනාකාරිත්ව සහ නිලධාරීන් ඉතාම සමීපව කටයුතු කරන පසුබිමක එවැන්නක් කරන්න කිසිම හැකියාවක් නෑ.






















