ඊච්චන්කූලම් සාලම්බන් ප්රදේශයේදී කාන්තාවකට වෙඩි වැදී වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (01) උදෑසන එම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස වෙඩි වැදී ඇත්තේ 32 හැවිරිදි කල්මඩුව වවුනියාව ප්රදේශයේ පදිංචි කාන්තාවකටය.
සිය නිවස පිටුපස කැලෑ ප්රදේශයේ දර කැඩීමට ගොස් සිටියදී එම වෙඩිවැදීම සිදුව ඇති බව අනාවරණය වී ඇත.
වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊච්චන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.






















