Sunday, November 8, 2026
HomeNEWS9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිය උත්සවාකාරයෙන්

9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිය උත්සවාකාරයෙන්

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය හෙට (03) පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට එහි මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී සම්ප්‍රදායානුකූලව සිදුකෙරෙන ආචාර වෙඩිමුර, හමුදා ආචාර කිරීම් සහ අශ්වාරෝහක කණ්ඩායම් යෙදවීම සිදුනොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන කටයුතු අංශය සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී ජනපති ධජය නොමැතිව ජාතික ධජය පමණක් එසවීමට ද නියමිතව තිබේ.

මේ අතර හෙට පැවැත්වෙන නව සභාවාරය ආරම්භ කිරීමේ උත්සවයට අදාළ පෙරහුරු වැඩසටහනක් අද (02) පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වේ.

09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය පසුගිය ජූලි 28 වනදා වාර අවසාන කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img