Friday, September 11, 2026
HomeNEWSවෙඩි වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වෙඩි වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පොතුහැර පොලිස් වසමේ කන්දෙවත්ත ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස වෙඩිවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ති‌බේ.

ඊයේ (19) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පැවසීය.

එසේ මියගොස් ඇත්තේ, 35 හැවිරිදි පනාපිටිය, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මීට දින 05කට පමණ පෙර මොරගොල්ල වත්ත නැමති ඉඩමේ කම්කරුවෙකු ලෙස සේවයට පැමිණි මරණකරු ඊට යාබද කන්දේවත්ත නැමැති ඉඩමේ කැලෑබද ප්‍රදේශයක විදෙස් රටක නිෂ්පාදිත පතරොම් තුවක්කුවක් මතට තුවාල සහිතව මුණින් අතට වැටී සිටියදී සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනයේදී මරණකරු ආසන්නයේ වෙඩිවැදී මියගොස් සිටි ඉත්තෑවෙකුගේ මළ සිරුරක් හමුවී ඇති අතර තවද විදුලි පන්දමක්, ජංගම දුරකථනයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇත.

මෙම මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොතුරහැර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img