Wednesday, November 11, 2026
HomeNEWSවෙනත් ව්‍යාපාරිකයින්ගේ නම් භාවිත කරමින් කළ සහල් ජාවාරම

වෙනත් ව්‍යාපාරිකයින්ගේ නම් භාවිත කරමින් කළ සහල් ජාවාරම

වැඩි මිලට අලෙවි කරමින් සහ සඟවා ඇති සහල් තොග සොයා පිටකොටුව 5 වන හරස්වීදියේ, වේල්ල වීදියේ සහ පරණ යෝන් වීදියේ පිහිටි සහල් තොග වෙළෙඳසැල් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අද (07) පරීක්ෂාවට ලක්කර තිබුණි.

මෙහිදී ඇතැම් වෙළෙඳසැල්වල සහල් තොග නැවත හරවා යවන ලෙසට සඳහන් කරමින් අසුරා ඇති ආකාරයක් දක්නට ලැබුණි.

ඒ අනුව, එම වෙළෙඳසැල්වල තිබු සහල් කිලෝ 14,000ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන සතොසට ලබාදීමට කටයුතු කළේය.
‍
මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා මුද්‍රා තබන ලද කුරුණෑගල උයන්දන පිහිටි ගබඩාවේ තිබු සීනි මෙට්‍රික් ටොන් 165ක ප්‍රමාණයක් අද වයඹ පළාතේ සමූපකාර සමිති වෙත නිකුත් කිරීම සිදුකෙරුණි.

මෙවන් පසුබිමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් හා පොලිස් විශේෂ කාර්යය බළකාය එක්වී අද මූතූර්හි සහල් ගබඩාවක් වටලනු ලැබීය.

එහිදී අනාවරණ කර ගැනුණේ මෙරට ප්‍රසිද්ධ සහල් නිෂ්පාදකයින් 22දෙනෙකුගේ නම් ව්‍යාජ ලෙස යොදා ගනිමින් එම ගබඩාව තුළදී සහල් නිෂ්පාදනය කර බෙදාහරින බවය.

ඒ අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් එම ගබඩාවට අද පස්වරුවේ මුද්‍රා තැබුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img