වෙන්දේසිකරන කොට ඝාණ්ටාරයක් ගහනවා …ඝාණ්ටාරයකුත් නොගහා වෙන්දේසියක් යනවා දැන් -ඇල්ලේ ගුණවංශ හිමි
වත්මන් ආණ්ඩුව වෙන්දේසි සමාගමක් ලෙස කටයුතු කරමින් සිටින බවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි චෝදනා කරයි.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැගීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,
“වෙලාවකට මට හිතෙනවා අපි ඡන්දේ දීලා පත්කළේ, වෙන්දේසි කොම්පැනියක් ද කියලා. අපි දන්නවා මේ රටේ ප්‍රධාන වෙන්දේසිකරුවන් අඩුගානේ වෙන්දේසි කරනකොට ඝාණ්ටාරයක් ගහනවා. මෙතන ඝාණ්ටාරයකුත් නොගහා වෙන්දේසියක් යනවා දැන්. ඒ නිසා මේ රටට පිට් පොකට් ගහන්න ලැහැස්ති වෙන්න එපා. මේ සිවුරට පුජා කරපු රටක්. සඟ සතු කරපු රටක්. මේකේ බිම් අඟලක් කිසිම කෙනෙකුට දෙන්න මේ රජයට අයිතියක් නෑ. එක පැත්තකට ජපානය, තව පැත්තකට ඉන්දියාව, තව පැත්තකට අමෙරිකාව, තව පැත්තකට චීනය. අපිට මොනව ද මේ අවුරුද්දයි මාස ගානට දුන්නේ. ඉදිකට්ටක දෙයක් අපේ ජනතාවට? අපි මෙතනින් පටන් ගත්ත මේ ව්‍යාපාරය රට පුරා යා යුතුයි. හැම පක්ෂයක්ම ආශ්‍රිය කරන කෙනෙක්. කරුණාකරලා මේ ඇති මේ තුන් ගොල්ලන්ට දුන්නා මේක.“
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැගීමේ සමාරම්භක ජාතික සභාව කොළඹ වරායේදී ඊයේ (11) පැවැත්විය.
වරාය වෘත්තීය සමිති 23ක්, භික්ෂු සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සංවිධාන රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
මෙහිදී කොළඹ වරායේ කොටසක් බදුදීම පිළිබඳ අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලය මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසා සිටියේ, “කොළඹ වරයා සතවර්ෂ ගණනාවක් පුරා අපේ ජාතික උරුමයක්. මේකේ කෑල්ලක් බදු දෙනකොට පපුව තුවාල වෙන්නේ නැද්ද? ඒක රිදෙන්නේ නැද්ද? අපිට නම් ඒක එහෙම වෙනවා. මෙච්චර පැහැදිලි ප්‍රතිඥාවක් දීලා, අපේම කරපිටින් බලයට ගිහින් මේ කරන නාට්‍යය දැක්කහම හිතට වේදනා නැද්ද?“ යනුවෙනි.






















