Saturday, August 22, 2026
HomeNEWSවෙන්නප්පුවේ දී හෙරොයින් කිලෝවක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

වෙන්නප්පුවේ දී හෙරොයින් කිලෝවක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

වෙන්නප්පුවේ දී හෙරොයින් කිලෝවක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වෙන්නප්පුව ප්‍රදේශයේ දී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) සවස එම වැටලීම සිදුකර ඇති අතර, එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 15 ක් ළඟ තබා ගෙන සිටි වයස අවුරුරු 36 ක හා 39ක පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන් හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර ඊයේ දිනය තුළ දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 120ක් අත්අඩංගුවට පත්ව ඇත.

අඟුලාන ප්‍රදේශයේ දී ද හෙරොයින් ග්‍රෑම් 320ක් හා ග්‍රෑම් 20ක් ළඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට පත්ව තිබේ.

මීට අමතරව දොම්පේ පොලිස් ස්ථානය මඟින් පැලහැර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී හෙරොයින් ග්‍රෑම් 20ක්, අයිස් ග්‍රෑම් 10ක් හා ගංජා ග්‍රෑම් 100ක් ළඟ තබාගෙන සිටි 31 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසෙල්වත්ත පොලීසිය මඟින් හෙරොයින් ග්‍රෑම් 20ක් සමග 51 හැවිරිදි පුද්ගලයෙක් හා ඔහු සතුව තිබී රුපියල් 211,000 මුදලක් ද සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img