Friday, August 14, 2026
HomeNEWSවෙළෙඳපොළේ ඇති පොල් තෙල් ගැන මන්ත්‍රී විජයදාසගෙන් නිවේදනයක්

වෙළෙඳපොළේ ඇති පොල් තෙල් ගැන මන්ත්‍රී විජයදාසගෙන් නිවේදනයක්

වෙළෙඳපොළේ ඇති පොල් තෙල් ගැන මන්ත්‍රී විජයදාසගෙන් නිවේදනයක්

දැනට වෙළෙඳපොළේ ඇති පොල් තෙල් පරිභෝජනය සඳහා ඉතා භයානක සහ අනතුරුදායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පිළිකා කාරක පොල් තෙල් සම්බන්ධ මාධ්‍ය නිවේදනය යන සිරස්තලය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඊයේ (02) දිනයේදී මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණි.

උපුටා ගැනීම, 

2021 මාර්තු මස 25 සහ 26 යන දිනවල ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් විවෘත වෙළෙඳපොළෙන් ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 55 ක් පොල් සංවර්ධන අධිකාරිය වෙත භාරදුන් අතර එම සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ප්‍රථිපල අප්‍රේල් මස පළමු වැනි දින පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලබාදී ඇත.

එසේ පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලැබී ඇති සාම්පල් පරීක්ෂාව milligrams per kilo (10 PPB) එනම් අංශු බිලියනයකට ඇෆලටොක්සීන් කොටස් ගණනය කිරීමේ ක්‍රමය මගින් සිදුකර ඇත.

ඉහත කී පරීක්ෂණ ක්‍රමවේදයට අනුව පොල් තෙල්වල අංශු බිලියනයකට ඇෆලටොක්සීන් අංශු 10කට වඩා වැඩිනම් එය ඉතා බරපතළ ගණයේ මිනිස් සිරුරට පිළිකා කාරක සපයන්නක් වේ.

එකී පරීක්ෂණය අනුව අංශු 17.9 ක් වැනි ඉතාමත්ම භයානක මට්ටමකට පිළිකා කාරක අන්තර්ගත වූ පොල් තෙල් සාම්පල් ද පැවැති බවට නිගමනය කොට ඇත. 

සාම්පල 55 අතුරින්,

* ඇෆලටොක්සීන් අගය 10 ඉක්ම වූ සාම්පල් 06ක්
* ඇෆලටොක්සීන් අගය 05 ඉක්මවූ සාම්පල් 4ක්
* ඇෆලටොක්සීන් නොතිබූ බවට තහවුරු කළ සාම්පල් 08ක්

ඉහත කරුණු අනුව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එම්.එල්.ඩී. නිරෝෂන මහතා අප්‍රේල් පළමු වන දින මාධ්‍ය අමතමින් එම සාම්පල්වල මිනිස් සිරුරට අහිතකර ඇෆලටොක්සීන් නොමැති බවට කළ ප්‍රකාශය ඉතා බරපතළ අසත්‍යක් බවත්, ඔහු හිතාමතාම පිළිකා කාරක අඩංගු පොල් තෙල් මහජනතාවට පරිභෝජනය කිරීමට පොළඹවා ජනතාවගේ ජීවිත විනාශ කිරීමට තැත්කරන බවත් පැහැදිලිය.

එකී සාම්පල ලබාගෙන තිබුණේ පිටරටින් ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල් තෙල් ( crude coconut oil) තොගවලින් නොවන බවත්, දැනටමත් රටපුරා බෙදාහැර ඇති සිල්ලර කඩවලින් ලබාගෙන ඇති සාම්පල්වලින් බවත් පැහැදිලි වේ.

ඒ අනුව දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානක සහ අනතුරුදායක බව ජනතාවට අවධාරණය කර සිටිමි.

විජයදාස රාජපක්ෂ 
පාර්ලිමේන්තු මන්ත්‍රී

උපුටා ගැනීම අවසන්.

විජේදාස රාජපක්ෂ මහතාගේ මෙම නිවේදනය සම්බන්ධයෙන් අප පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරල් එම්.එල්.ඩී. නිරෝෂන මහතාගෙන් විමසූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ අදාළ වාර්තාවල ප්‍රතිඵල තමන්ට ලබාදිය නොහැකි බවය.

වෙළඳපොලේ පවතින පොල් තෙල් සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය ලෙස බියක් ඇතිකර නොගත යුතු බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img