අලුත් අවුරුදු මාර්ගෝපදේශ ප්‍රායෝගික නෑ – PHI සංගමය කියයි
අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාව කිසිසේත් ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මීට පෙර ද අවස්ථා කිහිපයකදී මාර්ගෝපදේශ නිකුත් කළ අතර එම මාර්ගෝපදේශ ද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වු බවය.
අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඊයේ (03) දිනයේ දී මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා මෙම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ කොවිඩ් රෝගීන් ලෙස හඳුනානොගත් පුද්ගලයින් රට පුරා සිටින අතර අවුරුදු උත්සව පැවැත්වුවහොත් අලුත් අවුරුද්දෙන් පසුව දිවයින පුරා කොවිඩ් රෝගය දැඩි ලෙස ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බවය.






















