Friday, August 14, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ ආහාර අනාරික්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වේ

ශ්‍රී ලංකාවේ ආහාර අනාරික්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වේ

ශ්‍රී ලංකාවේ ආහාර අනාරික්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වේ – ලෝක ආහාර වැඩසටහන*ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇතැයි පිලිප් වෝඩ් (Philip Ward) මහතා විදේශ කටයුතු විදේශ රැකිය සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට දැනුම් දුන්නේ ය. ආහාර අනාරික්ෂිතභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෑත කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා මෙසේ සිය ප්‍රසාදය පළ කළේ අද (18) අමාත්‍යතුමා වෙත අක්ත පත්‍ර භාර දීමෙන් අනතුරුව පැවැති සාකාච්ඡාවේ දී ය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම සාකච්ඡාව අතරතුර, දරිද්‍රතාවය පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂයෙන් අවධාරණය කරමින්, ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රමුඛතා පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ ය. තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාම සහ රටේ ජනතාවගේ යහපැවැත්ම වැඩි කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවන්ට සමගාමීව ලෝක ආහාර වැඩසටහනේ ව්‍යාපෘති දියත් කරමින් අඛණ්ඩව ශ්‍රී ලංකා රජයට සහාය වීමට ලෝක ආහාර වැඩසටහන බලාපොරොත්තු වන බවත් පිලිප් වෝඩ් මහතා තහවුරු කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img