ශ්රී ලංකාවේ 77 වෙනි ජාතික නිදහස් දිනය උත්සවයලෙබනනයේ බීරුට්හිදී සැමරෙයි.ශ්රී ලංකාවේ 77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පසුගිය 04 වෙනිදා ලෙබනනයේ බීරූට් හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණ. ලෙබනනයේ සහ සිරියාවේ ශ්රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ලෙබනනයේ පිහිටි ශ්රී ලාංකික සංවිධාන රැසක නියෝජිතයෝ සහභාගී වූහ.ඊට අමතරව ලෙබනන් ජාතිකයින් පිරිසක්ද මෙම ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට පැමිණ සිටීම විශේෂත්වයෙක් විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජාතික නිදහස් දින පණිවිඩය උත්සව සභාවට ඉදිරිපත් කරන ලද්දේ ලෙබනනයේ සහ සිරියාවේ ශ්රී ලංකා තානාපති කපිල ජයවීර මහතා විසිනි.අනතුරුව සභාව ඇමතු තානාපති කපිල ජයවීර මහතා කියා සිටියේ ශ්රී ලංකාව සහ ලෙබනනය අතර දිගු කාලයක් තිස්සේ පවතින දෙරටේ මිත්රත්වය තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.ඊට අමතරව දැනට ලෙබනනය තුළ ඇතිවී තිබෙන සාමකාමී පරිසරය තවදුරටත් පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවද තානාපති කපිල ජයවීර මහතා සඳහන් කළේය. ලෙබනනය කුමන තත්ත්වයක පැවතිය ද ලෙබනනයේ සිටින ශ්රී ලාංකිකයින් තම මව් රට වෙනුවෙන් සිදුකරන මෙහෙයට තමාගේ ගෞරවය හිමිවන බවද තානාපති කපිල ජයවිර මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය. ශ්රී ලාංකීයෝ හත්දහසකට අධික පිරිසක් දැනට ලෙබනනයේ ජීවත් වෙති.

































