Monday, November 2, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ 77 වෙනි ජාතික නිදහස් දින උත්සවය ලෙබනනයේ බීරුට්හිදී සැමරෙයි.

ශ්‍රී ලංකාවේ 77 වෙනි ජාතික නිදහස් දින උත්සවය ලෙබනනයේ බීරුට්හිදී සැමරෙයි.

ශ්‍රී ලංකාවේ 77 වෙනි ජාතික නිදහස් දිනය උත්සවයලෙබනනයේ බීරුට්හිදී සැමරෙයි.ශ්‍රී ලංකාවේ 77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පසුගිය 04 වෙනිදා ලෙබනනයේ බීරූට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණ. ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතාගේ ‍ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ලෙබනනයේ පිහිටි ශ්‍රී ලාංකික සංවිධාන රැසක නියෝජිතයෝ සහභාගී වූහ.ඊට අමතරව ලෙබනන් ජාතිකයින් පිරිසක්ද මෙම ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට පැමිණ සිටීම විශේෂත්වයෙක් විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජාතික නිදහස් දින පණිවිඩය උත්සව සභාවට ඉදිරිපත් කරන ලද්දේ ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා විසිනි.අනතුරුව සභාව ඇමතු තානාපති කපිල ජයවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර දිගු කාලයක් තිස්සේ පවතින දෙරටේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.ඊට අමතරව දැනට ලෙබනනය තුළ ඇතිවී තිබෙන සාමකාමී පරිසරය තවදුරටත් පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවද තානාපති කපිල ජයවීර මහතා සඳහන් කළේය. ලෙබනනය කුමන තත්ත්වයක පැවතිය ද ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් තම මව් රට වෙනුවෙන් සිදුකරන මෙහෙයට තමාගේ ගෞරවය හිමිවන බවද තානාපති කපිල ජයවිර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකීයෝ හත්දහසකට අධික පිරිසක් දැනට ලෙබනනයේ ජීවත් වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img