Saturday, September 19, 2026
HomeNEWS“ශ්‍රී ලංකා බුද්ධි අංශයේ පසුබෑමක්” ගැන කැබිනට් ප්‍රකාශකගෙන් ඉඟියක්

“ශ්‍රී ලංකා බුද්ධි අංශයේ පසුබෑමක්” ගැන කැබිනට් ප්‍රකාශකගෙන් ඉඟියක්

‘කංජිපානි ඉම්රාන්’ හෙවත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් තමිල් නාඩු ප්‍රාන්තයේ රාමේස්වරම් වෙත පැන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (ජනවාරි 3) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේ ය.

එහිදී කංජිපානි ඉම්රාන් දෙසැම්බර් 25 වන දා මුහුදු මාර්ගයෙන් රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ වෙත ගොස් ඇති බවට ඉන්දීය බුද්ධි අංශ තොරතුරු අනාවරණ කර තිබුණ ද මෙරට බුද්ධි අංශ ඒ පිළිබඳ කටයුතු නොකළේ ඇයි ද? යන්න පිළිබඳ ප්‍රශ්න කර සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තමා දැනුවත් නැති බව ත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරුන් ඒ පිළිබඳ පිළිතුරු ලබා දෙනු ඇති බව ත් ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මාධ්‍යවේදියා: කංජිපානි ඉම්රාන් දෙසැ. 20 වන දා ඇප මත නිදහස් වෙලා තියෙනකොට හෝ නිදහස් වෙන්න කලින් ඉන්දීය බුද්ධි තොරතුරු සහ තමිල් නාඩු බුද්ධි අංශය අනාවරණය කරනවා තලෛමන්නාරම හරහා රාමාන්තපුරම්වලට, නමුත් අපේ බුද්ධි අංශ ඒ පිළිබඳව තැකීමක් නොකර ඔහු 25 වන දා ඉන්දීය බුද්ධි තොරතුරුවලට අනුව ඔහු ඉන්දියාවට පළා යනවා. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශය කටයුතු නොකළේ ඇයි?

කැබිනට් ප්‍රකාශක: ලංකාවෙන් පිටව ගිය කංජිපානි ඉම්රාන් පිළිබඳ කැබිනට් මණ්ඩලය සාකච්ඡා වුණේ නැහැ. අපි දැනුවත් වුණෙත් නැහැ. එය බුද්ධි අංශය නොදැන සිටියේ ඇයි ද යන ප්‍රශ්නය පිළිබඳ ඒ අංශයෙන් තමයි විමසන්නට ඕන. ඒ පිළිබඳ රාජ්‍ය ආරක්ෂක ආමත්‍යවරු විසින් පිළිතුරක් දෙයි. මම ඒ පිළිබඳව දැනුවත් නැහැ.

සාමාන්‍යයෙන් අපේ බුද්ධි අංශයේ පසුබෑමක් තිබුණා ද කියන ප්‍රශ්නය තිබෙනවා. මොකද ඉන්දියානු බුද්ධි අංශ විසින් පාස්කු ප්‍රහාරය එල්ල කරන බවට තොරතුරු ඉදිරිපත් කරනකම් අපේ බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රශ්න තිබුණා. ඒවා ක්‍රමක් ක්‍රමයෙන් නිවැරදි කරගෙන යන බව තමයි මගේ දැනීම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...

බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර නිල් වරෙන්තු නිකුත් කරන ලෙසට ඉල්ලීමක්

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අරමුදල් අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා තුනකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර නිල් වරෙන්තු නිකුත් කරන ලෙස සී.අයි.ඩී.ය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img