Saturday, November 7, 2026
HomeNEWSශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත ට අනුමැතිය

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත ට අනුමැතිය

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2019-10-29 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සඳහා අනුමැතිය ලබාදී ඇති අතර, 2019-11-01 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත.

එම පනත් කෙටුම්පතට අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වුවත් එය න්‍යාය පුස්ථකයට ඇතුළත් කර නොමැත.

වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව, ඵලදායිව ඉටුකිරීමට හැකි වන පරිදි මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් වැඩි දියුණු කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නව පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ පිළිබඳ අදහස් හා කරුණු දැක්වීමට ඇත්නම් ඊළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ බව ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම්දී ඇත.

ඒ අනුව නව ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතක් ඉදිරි වර්ෂයේ දී සම්මත වෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img