Sunday, August 16, 2026
HomeNEWSශ්‍රී ලාංකේය විදුලි මෝටර් රථය නිපදවීමේ පුරෝගාමි සිල්වා මහාචාර්යවරයා මහා ප්‍රාඥයෙක්- එජාප...

ශ්‍රී ලාංකේය විදුලි මෝටර් රථය නිපදවීමේ පුරෝගාමි සිල්වා මහාචාර්යවරයා මහා ප්‍රාඥයෙක්- එජාප සභාපති වජිර

අභාවප්‍රාප්ත මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (15) කළ ප්‍රකාශය

මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතා මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රයේ නවමු මාවත් කිහිපයක්ම විවර කළ ප්‍රාඥයෙකු ලෙස ප්‍රසිද්ධය. මොරටුව විශ්ව විද්‍යාලයේදී දශක කිහිපයක් පුරා සිසුන්ට තම දැනුම බෙදාදෙමින් ලොවට උගත් බුද්ධිමත් දරු පරපුරක් බිහිකළ විශිෂ්ඨ චරිතයකි.

වානේවලින් කල විශ්මිත නිර්මාණයන් මෙන්ම ලොව ප්‍රථම ශ්‍රී ලාංකේය විදුලි මෝටර් රථය නිපදවීමේ පුරෝගාමියා ලෙස ද එතුමා ඉතිහාසයට එක්වනු ඇත.

මම නම් හිතන්නේ මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතා කියන්නේ ලංකාවේ බිහිවුණු නිර්භීතම සහ ඓතිහාසික මහාචාර්යවරයෙක්. මට එතුමා කරපු කියපු දේවල් පිළිබඳ බොහෝ මතකයන් තිබුණත් ඒ හැමදෙයක්ම මම මෙතැනදී කියන්න යන්නේ නැහැ. නමුත් එතුමාගේ නිර්භීතකම කොයිතරම්ද කියලා කියන්න මම කාරණා කිහිපයක් පමණක් ඔබට සිහිපත් කරන්නම්.

විශ්වවිද්‍යාලය තුළ වාමාංශික ව්‍යාපාරය බලවත්ව තිබෙන අවස්ථාවක විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාගේ කාර්යාලය ඉදිරිපිට තිබුණු විරෝධතාවය. මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහත්මයා එතුමාගේ වාහනයේ ඇවිත් මේ විරෝධතාවය අසලට බය නැතිව ගිහින් කියපු කතාව. එතුමාම තමයි එතුමාගේ වාහනවා පදවගෙන ආවේ.

විශ්වවිද්‍යාලයේ වේදිකාවේ පුටුවක් උඩ ඉඳගෙන කෙනෙක් ආණ්ඩුවට විශාල විරෝධයක් දක්වලා කතාවක් කරනවා. එතුමා අද ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මහාචාර්ය තුමා නිර්භීතව එතැනට ඇවිත් කිව්වා බහිනවා පුටුව උඩින් බිමට. තමුසේ කොහොමද ආණ්ඩුවේ පුටුවක් උඩ නැගගෙන ආණ්ඩුව විවේචනය කරන්නේ කියලා. කොහොම උනත් එතුමාගේ ඒ ක්‍රියාවට විරෝධතා දක්වන අය හූ කිව්වා. නමුත් ඒ කිසි දෙයක් මහාචාර්ය සිල්වා මැතිතුමා ගණන් ගත්තේ නැහැ. එවැනි නිර්භීත චරිතයක් තමයි සිල්වා මැතිතුමා කියන්නේ.

එතුමා කියන්න තියෙන දේ කෙලින් කියපු ශ්‍රී ලංකාවේ හිටපු වැදගත් මහාචාර්යවරයෙක්. ඒ වගේම මගේ මතකයට එන තව කතාවක් මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්නම්.

1977 වසරේ හැන්සාඩ් වාර්තා බැලුවොත් මේ කතාවත් ඔබට බලාගන්න පුලුවන්. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටේ ජනාධිපති වුණාට පස්සේ මහාචාර්ය සිල්වා මැතිතුමාට සංස්ථා 5ක සභාපතිධූර ලබාදුන්නා.

එතුමා සංස්ථා පහක සභාපතිධූර දැරුවත් එතුමා භාවිතා කළේ එතුමාගේ පුද්ගලික වාහනය. අද ඇතැම් අය අලුත් සංකල්ප කියලා මේ දේවල් ගැන කතා කරත් සිල්වා මැතිතුමා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාටත් ආදර්ශ ලබාදුන්න පුද්ගලයෙක් බව සිහපත් කරන්න කැමතියි. ඒ විදිහට එතුමා මේ රටට විශාල ආදර්ශ ලබාදුන්න මහාචාර්යවරයෙක්.

එතුමාගේ විෂය භාර ඇමැති එම්. ටී. ජයවර්ධන මැතිතුමා. මේ විශය බාර ඇමතිවරයා එතුමාගේ විෂය ගැන දවසක් චේම්බර් එකේ කතාවක් කරනවා. ඒ අවස්ථාවේ පී. ඒ. ද සිල්වා මැතිතුමා ඉන්නවා ගැලරියේ. මමත් මේ වීර ක්‍රියාව දැක්කේ වීඩියෝ එකකින්. විෂය බාර ඇමතිවරයා කතාව කරන අස්සේ මහාචාර්ය පී. ඒ. ද සිල්වා මැතිතුමා එක පාරටම නැගිටලා කියනවා. ගරු කතානායකතුමනි, මේ ඇමතිතුමා කියන්නේ පට්ටපල් බොරු කියලා. කොහොම උනත් එතැන එහෙම කතා කරන්න බැහැ. නමුත් එතුමා බය නැතිව කියනවා තමන්ගේ විශය බාර ඇමතිතුමා කියන්නේ මේ පට්ටපල් බොරු කියලා එතුමා කතාවක් පවත්වනවා. කොහොමහරි එතුමගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තු පොලීසිය විසින් එතුමව අත්අඩංගුවට ගන්නවා. මේ පණිවිඩේ ජනාධිපතිතුමාටත් යනවා.  එතුමට දඩ මුදලකුත් නියම කරනවා.

එතුමා කියනවා මට සල්ලි නැහැ, කැමතිනම් දානවා හිරේ. මම කිව්වේ ඇත්ත කියලා. මම ඇත්ත කියලා සල්ලි දෙන්නත් ඕනෙද?

කොහොම හරි දැන් මේ ප්‍රශ්නය විසඳ ගන්න ඕනේ හන්දා, ජනධිපතිතුමා මොකද කරන්නේ, එතුමා වෙන කෙනෙකුට ගිහිල්ලා කියනවා පී. ඒ. ද සිල්වා කියන්නේ එහෙම තමයි, ඔන්න ඔය දඩ මුදල ගෙවලා දාන්න කියලා. දැන් වෙන කෙනෙක් එම දඩ මුදල් ගෙවලා පී. ඒ. ද සිල්වා මහත්තයා නිදහස් කළා.

ඉතින් මහාචාර්ය පී. ඒ. ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකාවට සුවිශේෂ ආදර්ශ සපයපු ඓතිහාසික මහාචාර්යවරයෙක් කියලයි මගේ හැඟීම.

ඉතින් එවැනි මහාචාර්යවරයෙකුගේ අහිමි වීම අපේ වගේ රටකට විශාල පාඩුවක්, අපේ ජාතියට පාඩුවක්, අනාගත දරු පරපුරට පාඩුවක්, කරන්න දෙයක් නැහැ, බුදු දහම අනුව අපි කාටත් උරුම වෙච්ච දෙයක් තමයි කියන්නේ.

ඉතින් එතුමා වෙනුවෙන් එතුමාගේ පවුලේ ඥාතීන්ට මම මේ අවස්ථාවේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශෝකයත්, එක්සත් ජාතික පක්ෂයේ ශෝකයත්, මගේ පෞද්ගලික ශෝකයත් පළ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජර්මනියේ වෙබර් ශ්‍රී ලංකාවේ රොමේෂ්ට අභියෝග කිරීමට සැරසෙයි

2026, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය. එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 90.40කි. යුරෝපීය...

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img