Monday, August 10, 2026
HomeNEWSLatest Newsශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීන්දුව

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීන්දුව

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීන්දුව

2020 – 2021 ශ්‍රී පාද වන්දනා වාරය එළෙඹ උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

රට පුරා පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සහ සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර ශ්‍රී පාද වන්දනා කටයුතු සිදුකිරීමට තීරණය කරඇති බව වාර්තා වේ.

ඒ අනුව දෙසැම්බර් 27 වනදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වන දා උදෑසන ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04ක් ඔස්සේ වැඩම කරවිමට නියමිතය.

ඒ සඳහා එක් මාර්ගයකින් පුද්ගලයින් 50 දෙනෙකු බැගින් උපරිම පුද්ගලයින් 200 දෙනෙකු සහභාගී කරවීමට තීරණය කර තිබේ.

ශ්‍රී පාද වන්නා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී මෙම තීන්දු තීරණ ගෙන ඇති බව සඳහන් වේ.

ඒ සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ද එක්ව සිටි අතර එහිදී ඔහු කියාසිටියේ මෙවර වන්දනා සමය අවම ජනතා සහභාගීත්වයකින් සිදුකරන  බවය.

එමෙන්ම ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන සියලු බැතිමතුන් තමා අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වී ලියාපදිංචි සහතිකයක් ලබාගැනිම අනිවාර්ය බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සාගරට ඇප… විදෙස් ගමන් තහනම්

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග...

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img