Wednesday, November 11, 2026
HomeNEWSශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ්ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට උණුසුම් සුබ පැතුම්...

ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ්ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට උණුසුම් සුබ පැතුම් පිරිනමමි.

ටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන් නව ලෝක
වාර්තාවක් ද පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ්
ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට උණුසුම් සුබ පැතුම් පිරිනමමි.
බෙදුම්වාදයට එරෙහිව රට එක්සේසත් කරන සටනේ දී සිය වගකීම
නොපිරිහෙළා ඉටු කළ රණවිරු දිනේෂ් ප්‍රියන්ත 2016 ඔලිම්පික් උලෙළේ දී ද
අපේ මාතෘ භූමියට ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත් විය. ඒ අනුව අපේ
රටට ඔලිම්පික් පදක්කම් දෙකක් දිනා දුන් එක ම සහ පළමු ක්‍රීඩකයා දිනේෂ්
ප්‍රියන්ත ය.
‘කොවිඩ් වසංගත තත්ත්වය නිසා මුහුණ පෑමට සිදු වූ අනේක විද බාධාවන් ද
පරාජය කරමින් ඔබ රටට දිනාදුන් මෙම විජයග්‍රහණය සමස්ත ජාතිය
ධෛර්යවත් කරන්නකි.’ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සිය උපරිම දක්ෂතා
දක්වමින් අපේ සිංහ ධජය ඉහළට ම ඔසවා තැබීමට මෙම ජයග්‍රහණය
හේතුපාදක වේවායි ද පතමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img