Saturday, August 22, 2026
HomeNEWSශ්‍රී ලංකාව ගෝලීය පරිවර්තනයන් සමග වේගයෙන් අනුගත විය යුතුයි, ජනපති අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව ගෝලීය පරිවර්තනයන් සමග වේගයෙන් අනුගත විය යුතුයි, ජනපති අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව ගෝලීය පරිවර්තනයන් සමග වේගයෙන් අනුගත විය යුතුයි, ජනපති අවධාරණය කරයි.

Ø පෞද්ගලික අංශයරාජ්‍ය විශ්වවිද්‍යාල සහසෙසු උසස් අධ්‍යාපනන ආයතන එකට වැඩකරන්න …

Ø අධ්‍යයන ක්ෂේත්‍රය කුමක් වුවත් සියලුම සිසුන්ට තොරතුරු තාක්ෂණ හා පරිගණකදැනුම ….

Ø ඉහළ සමත්කම් ඇති පිරිස් ආකර්ශනයටවිශ්ව විද්‍යාල තරග කළයුතුයි …. 

Ø අධ්‍යයන සැලසුම් හා කළමනාකරණයටවිශ්ව විද්‍යාලවලට නිදහස ….

ගෝලීය හැලහැප්පීම් සහ පරිවර්තනයන් සමග ශ්‍රී ලංකාවවේගයෙන් අනුගත විය යුතු බව ජනාධිපති ගෝඨාභයරාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. 

“අපට පසුගාමී විය නොහැක. වේගයෙන් වෙනස් වන සමාජතත්ත්වයන් මධ්‍යයේ වුවද අනුගත විය හැකි අධ්‍යාපනයක්සිසුන්ට ලබාදිය යුතුයි. එය විශ්වවිද්‍යාල සහ අනිකුත් උසස්අධ්‍යාපන ආයතනවල අවධානයට ලක්විය යුතු සහ දියුණුවියයුතු අංශයක්” යැයි ජනාධිපතිතුමා කියා සිටී. 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේඅද (16) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවලආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2020 උපාධි ප්‍රදානෝත්සවයටඑක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

අද පැවතියේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 31 වැනි උපාධි ප්‍රදානෝත්සවය යි. ආරක්ෂකඅධ්‍යයන, කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, නීති, වෛද්‍ය, ඉංජිනේරු, ප්‍රවර්ධන කළමනාකරණ, කාර්මිකවිද්‍යාව සහ සමාජ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර ආවරණයකරමින් විද්‍යාර්ථයින් 1379 දෙනෙකු සඳහා උපාධිපිරිනැමිණ. 

ආචාර්ය උපාධිධාරීහූ පස්දෙනෙක්, පශ්චාත් උපාධි, පශ්චාත්උපාධි ඩිප්ලෝමාධාරීන් 263 දෙනෙක් ද මේ අතර වෙති. ප්‍රථම උපාධිධාරීන් ගණන 1111කි. 

දක්ෂතම යුද හමුදා නිලධාරියා ලෙස දෙවන ලුතිතන්ආර්.එම්.ටී.ඊ.පී. රත්නායක, දක්ෂතම නාවික හමුදානිලධාරියා ලෙස ලුතිතන් වී.එස්. පලිහවඩන, දක්ෂතම ගුවන්හමුදා නිලධාරියා ලෙස පියාසර නිලධාරී ආර්.ජී.එස්.ඩී. ගමගේ, අතිශූර නිලධාරියා ලෙස දෙවන ලුතිතන්ආර්.එම්.ටී.ජී.පී. රත්නායක ජනාධිපතිතුමා අතින් විශේෂතිළිණ ලැබූහ. 

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය වර්ෂ 1981 දී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පාඨමාලාවන් හැදෑරීමට ස්ථාපිතකෙරිණ. වර්ෂ 2009 දී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභයරාජපක්ෂ මැතිතුමා විසින් එය පූර්ණ විශ්වවිද්‍යාලයක් බවටපත් කරනු ලැබීය. වර්ෂ 2009 දී  සිවිල් සිසුන්ට උපාධිහැදෑරීමට අවස්ථාව හිමි විය. වර්තමානයේ ආචාර්ය උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨාමාලාහැදැරීමට ත්‍රිවිධ හමුදා සහ දෙස් විදෙස් සිසුන්ට අවස්ථාවසැලසී ඇත. 

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කෙටිකාලයක් තුළ ඉහළ සුදුසුකම් සපුරන පූර්ණ විශ්ව විද්‍යාලයක්බවට පත්වීම පිළිබඳව ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළකළේය. වෛද්‍ය, ඉංජිනේරු, නීති වැනි විෂය ක්ෂේත්‍රවලවිශිෂ්ටයන් බිහිකිරීමට සමත්වීම විශ්ව විද්‍යාලයේව්‍යාප්තියට හේතු වූ බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි.  වත්මන් ගැටළුවලට විසඳුම් සෙවිමේ දී පෞද්ගලික අංශයටරාජ්‍ය විශ්ව විද්‍යාල සහ සෙසු උසස් අධ්‍යාපන ආයතන සමගඑක්ව කටයුතු කිරීමට වැඩි අවස්ථා තිබිය යුතුය. උපාධිධාරීන්ට නව තාක්ෂණය පිළිබඳව යම් දැනුමක් තිබියයුතුය. අවම වශයෙන් පරිගණක හැසිරවීම සඳහා අවශ්‍යවිෂය දැනුම තිබීම සාර්ථක අනාගතයක් ගොඩනැගීමටඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිතුමා සඳහන් කරයි. අධ්‍යයන ක්ෂේත්‍රය කුමක් වුවත් සියලු සිසුන්ට තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හඳුන්වා දෙන ලෙස සියලු විශ්වවිද්‍යාලවලඋප කුලපතිවරුන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටී. 

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තෝරා ගැනෙන සිසුන්සියල්ලෝම බුද්ධිමත් ය. ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වනවිට තමන් කැමති විෂයක් තෝරාගැනීමේ ඌණතාවයක්පවතින්නේ නම් එය සිසුන්ගේ නොව අධ්‍යාපන පද්ධතියේපවතින අඩුපාඩුවකි. විශ්වවිද්‍යාල මට්ටමට ළඟා වූ පසුතමන් සතුව ඇති නිපුණතා අත්පත් කර ගැනීමට සියලුසිසුන්ට පහසුකම් හා ඉඩ ප්‍රස්තා සැලසිය යුතු බව දජනාධිපතිතුමා අවධාරණය කරයි. 

පර්යේෂණ හා සංවර්ධන කෙරෙහි ඉහළ අවධානයක් යොමුකිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලශ්‍රේණිගත කිරීම්වලට හිතකර ලෙස බලපානු ඇත. ඉහළසමත්කම් ඇති පිරිස් ආකර්ශනය කර ගැනීමටත්, රඳවාගැනීමටත් විශ්වවිද්‍යාල එකිනෙක සමග තරග කළ යුතුය. එය පිඨ හෝ කාර්ය මණ්ඩලයට සීමා නොකොට ශිෂ්‍යයන්ට දවිවෘත විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටී. 

සෑම විශ්වවිද්‍යාලයකම පාලක මණ්ඩලයට, උප කුලපතිට, පීඨ සහ කාර්ය මණ්ඩලවලට ඔවුන්ගේ අධ්‍යයන වැඩසටහන්තීරණය කිරීමට, සැලසුම් කිරීමට හා කළමනාකරණයටඅවශ්‍ය නිදහස තිබිය යුතු ය. එමෙන්ම ඔවුන්ට තම ආයතනතුළ ඉගෙනීමට සුදුසු ශෂ්‍යයින් තෝරාගැනීමට ද  නිදහසතිබිය යුතු යැයි ජනාධිපතිතුමා පවසයි.  සියලු දෙනා එක්වකැප වුවහොත් ලෝකය වේගවත් වෙනස්කම් වලට භාජනයවුවද අපේ විශ්වවිද්‍යාල ගෝලීය වශයෙන් තරගකාරී ආයතනබවට පත්කර ගත හැකි බවත්, ඉන් තරුණ තරුණියන්ගේඅනාගත අභිවෘද්ධිය සලසමින් රටේ ආර්ථිකය ද ශක්තිමත්කළ හැකි බවත්  ජනාධිපතිතුමා කියා සිටි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න-ජනපති

පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න කුඩා සහ මධ්‍ය...

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img