Saturday, August 22, 2026
HomeNEWSඅමුද්‍රව්‍ය ලෙස හගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන්වූ ටයිල් තොගයක් වහාම රේගු...

අමුද්‍රව්‍ය ලෙස හගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන්වූ ටයිල් තොගයක් වහාම රේගු භාරයට ගන්නා ලෙස ඇමති විමල්ගෙන් උපදෙස්!

අමුද්‍රව්‍ය ලෙස හගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන්වූ ටයිල් තොගයක් වහාම රේගු භාරයට ගන්නා ලෙස ඇමති විමල්ගෙන් උපදෙස්!

රජය දේශීය නිෂ්පාදකයාට වැඩි අවස්ථා ලබාදීමේ අරමුණින් ආනයනය නවතා ඇති පසුබිමක මෙරට ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ඇති බව දැනගත් වහාම තමන් ඒවා රේගු භාරයට ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබාදුන් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේය.

කර්මාන්ත අමාත්‍යංශයේ කැදවීමට අනුව  එම ආයතනය නියෝජනය කරමින් පැමිණි සිටි නියෝජිතයාට අමාත්‍යවරයා තදින් දෝෂාරෝපණය කළ අතර එම ආයතනයට සහ එම ආනයනය සිදු කිරීමට අවසර ලබාදුන් නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නේය. දේශීය ව්‍යවසායකයා රැකීමට තමන් හැකි හැම අවස්ථාවේදීම මැදිහත් වන බවත් මෙවන් වංචනිකයන් රැකීම වෙනුවෙන් කිසි ලෙසකින්වත් මැදිහත් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත්  කියා සිටියේය. මේ පිළිබද ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු සියල්ලන්ටම එරෙහිව නීතිමය පියවර ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න-ජනපති

පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් එල්-නිනෝ තත්ත්වයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරන්න කුඩා සහ මධ්‍ය...

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img