Wednesday, November 11, 2026
HomeNEWSශ්‍රී ලංකාව ට ලකුණු 78ක ජයක්

ශ්‍රී ලංකාව ට ලකුණු 78ක ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති අවසාන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. 

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව,  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 47ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී කේෂව් මහරාජ් කඩුලු 3ක් දවාගත් අතර ජෝර්ජ් ලින්ඩේ සහ ටබ්රායිස් ෂම්සි කඩුලු දෙක බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ, ලකුණු 125ක් පමණි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් ලකුණු 22ක් රැස්කළ අතර ජෝර්ජ් ලින්ඩේ ලකුණු 18ක් රැස්කළේය.  

පන්දු යැවීමේදී තම පළමු එක්දින තරඟය ක්‍රීඩාකළ මහේෂ් තීක්ෂණ කඩුලු 4ක් දවාගත් අතර දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවා ගත්තේය.

ඒ අනුව ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තීක්ෂණ ගේ පන්දු යැවීම සිය මංගල එක්දින ජාත්‍යන්තර තරඟයේ දී පන්දු යවන්නෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා  කළ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වෙයි.

මෙම තරඟාවලිය ජය ගැනීමත් සමග එක්දින ජාත්‍යන්තර ලෝක කුසලාන සුපර් ලීගයේ ලකුණු සටහනේ 5වැනි ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායම ට හිමිවී තිබේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරඟාවලි ජයක් ලැබුවේ වසර 8කට පසුව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img