Thursday, July 30, 2026
HomeNEWSLatest Newsශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති සහ සාමාජිකයින් සිව් දෙනෙක් අභියාචනාධිකරණට

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති සහ සාමාජිකයින් සිව් දෙනෙක් අභියාචනාධිකරණට

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති සහ සාමාජිකයින් සිව් දෙනෙක් අභියාචනාධිකරණට

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය තහනම් කෙරෙන අතුරු නියෝගයක් නිකුත්කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තිදෙනෙක් විසින් ගොනුකර ඇති රිට් පෙත්සමක් අද (14) සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකාරියක ලෙස නම් කර සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා මෙම ඉල්ලීම සිදු කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ වෛද්‍ය ආඥා පනතට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ සේවය අත්හිටුවීමට හෝ ඉවත් කිරීම සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට බලය පැවරී තිබෙන බවය.

එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කරුණු සැඟවීමට සහ අධිකරණය නොමඟ යවන සුළු කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පෙන්වාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් නොතීසි නිකුත් කිරීමකින් තොරව එය නිෂ්ප්‍රභ කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදූර සලකා බැලීම මේ මස 18 වනදා තෙක් කල් තැබුණි.

එදින පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img