022 වසරේදී කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස වර්ධනය වී ඇති බව නවතම දත්ත අනුව දැක්වෙයි.
එරට සංඛාලේඛන කාර්යාලය නිකුත්කළ දත්ත අනුව පසුගිය වසරේදී එරට ජනගහනයට මිලියන 1.05ක් එක්වී තිබේ.
ඉන් බහුතරයක් එනම් 95.9%ක් සංක්‍රමණිකයින් බව දැක්වෙයි.
වසරක් තුළදී කැනඩාවේ ජනගහනය මිලියනයකට වැඩි ගණනකින් වැඩිවී ඇත්තේ එරට ඉතිහාසයේ පළමු වරටය.
මේ වනවිට කැනඩාවේ ජනගහනය මිලියන 39.5 කි.






















