වත්මන් ආණ්ඩුවට ඉල්ල අස්වන ලෙස බල කරමින් සමගි ජනබලවේගය ක්රියාත්මක කරන අධිෂ්ඨාන පාගමන අද (27) දෙවන දිනටත් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඊයේ (26) පෙරවරුවේ මහනුවර ප්රදේශයෙන් මෙම විරෝධතා පාගමන ආරම්භ වූ අතර කඩුගන්නාව ප්රදේශයෙන් අවසන් කෙරුණි.
ඒ අනුව අද උදෑසන මාවනැල්ල ප්රදේශයෙන් යළි එම අධිෂ්ඨාන පාගමන ආරම්භ කරන බව පක්ෂ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්රීවරයා පැවසුවේය.






















