බත්තරමුල්ල ප්රදේශයේ සුපිරි වෙළෙඳසැලක් අසල දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඊයේ (26) රාත්රී කාලයේදී එම වෙළෙඳසැල අසල පුද්ගලයෙකු වැටී සිටියදී කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි පොතුඅරාව පාර, මාලඹේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා එම සුපිරි වෙළෙඳසැලෙන් භාණ්ඩ ලබාගෙන පිටව යන අවස්ථාවේදී අසල සිටි සිඟමන් යදින පුද්ගලයකු සමග ඇති කර ගත් බහින්බස් වීමක් හේතුවෙන් මරණකරුට සිඟමන් යදින පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරු පළා ගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන කරයි.






















