Friday, September 11, 2026
HomeNEWSසජිත් ජනපති වීමෙන් පසු දැහැමි දේශපාලන සංස්කෘතියක් ඇතිවන බව හෙට්ටිගේ දෙනියායේදී කියයි.

සජිත් ජනපති වීමෙන් පසු දැහැමි දේශපාලන සංස්කෘතියක් ඇතිවන බව හෙට්ටිගේ දෙනියායේදී කියයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය ආගම ධර්මයට අනුගතව පැවැතීම නිසා ඔහු ජනාධිපති වීමෙන් පසු රටට සෞභාග්‍ය උදා වනු ඇති බව සජබ මාතර දිස්ත්‍රික් සංවිධායක කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .ජනවරමට නොගැලපෙන අලි පොහොට්ටු පාලනයක් පැවැතීම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසී ගිය බව කී ඒ මහතා එයට වගකිව යුත්තන්ට දිට්ඨධම්ම වේදනීය කර්මයේ විපාක විඳීමට සිදුවි ඇතැයිද සඳහන් කළේය .හෙට්ටිගේ මහතා මේ බව කීවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඉකුත් (7) වැනිදා දෙනියාය කිරිලිපන බෙරලපනාතර පැවැති සුහද හමු කීපයකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය.ජනාධිපතිවරණයේ ජය සජිත් මහත්තයට තියෙන්නෙ .එය විජයග්‍රහණයක් කරන්න ඕන .ලෝකෙ රටවල් අපට ගොඩක් සලකන්නෙ එහෙම වුනොත් තමයි .රූකඩ නායකයින්ට රූකඩ ආණ්ඩු වලට ලෝකෙ තැනක් නෑ .එවැනි ආණ්ඩු අධිරාජ්‍යවාදීන්ට යටත් කරගන්න පහසුයි .IMF සංවිධානය අප රටට ජනතාවට අහිතකර යෝජනා ගෙනාවෙත් ජනවරමක් නැති නායකයෙක් පාර්ලිමේන්තුවේ ඡන්ද 134 කින් පත් කරගත් නිසා .පොහොට්ටු පක්ෂය තම ජනවරම සාහසික ලෙස පාවා දුන්නා .අලි පොහොට්ටු එකතුවෙන් රටේ ඉදිරි ගමන ආපස්සට ගියා .රනිල් මහත්තය පෝලින් නැති කළා කියලා රට වටේ යනවා .ඒ අයමයි පෝලින් හදන්නත් කුමන්ත්‍රණය කළේ .පාස්පෝට් පෝලිම නතර කරගන්න බැරි නම් රටේ ඉදිරියක් ගැන ඒ අයට කතා කරන්න පුලුවන්ද ?මේ අය නායකයන්ද ?රටේ අපනයන කර්මාන්තයට මොනවද කළේ .කෘෂිකර්මය වැවිලි කර්මාන්තය විනාශයි .තේ කර්මාන්තය ගැනවත් හිතන්නෙ නෑ .ප්‍රමිතියෙන් තොර පොහොර බෙදනවා .සජිත් ප්‍රේමදාස රජයෙන් ගුණාත්මක පොහොර මිටියක් රු .5000 ට ලැබෙනවා .රජයේ දුෂණය නාස්තිය ඉහවහා ගිහින් .ලක්‍ෂ 10 ට රැකියා අහිමි වෙලා .අපට දන තියෙන්නෙ හැකිලී ගිය ආර්ථිකයක් .ආණ්ඩුව ජනතාවගෙන් පලි ගන්නවා .ආගමට දහමට නැඹුරු මැදුම් පිළිවෙතක් සහිත රාජ්‍ය පාලනයක් රටට අවශ්‍යයි .සජිත් මහත්තය එවැනි නයකත්වයට උපරිම සුදුසුකම් සපුරා තිබෙනවා .ඔහු ප්‍රායෝගික චරිතවත් නායකයෙක් .දේශපාලනය කරන්න ඕන ආත්ම සතුටක් ලබන්න .කුසල් අත්පත් කරගෙන අවසානයේ සතුටින් ජිවිතයෙන් සමුගන්න .21 වැනිදා සජිත් මහත්තය ජනාධිපති වීමෙන් පසු ජනහිතකාමී දැහැමි දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙනවා යැයිද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img