පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්වෙතිපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.නියෝජ්‍ය කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේ “සණස” සමිති සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවති වැඩමුළුවකට සහභාගී වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.”මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා තමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ අවසානාවන්තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා.”දැන් ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ජනතා ඡන්දයෙන් පත් වූ විට වැඩක් කරන්න ලැබුණේ නැහැ. කොවිඩ් ලෝක වසංගතය ආවා. කොවිඩ් වගේ ලෝක වසංගතයක් ගැන අපි අහලවත් තිබුණේ නැහැ.කොවිඩ් ලෝක වසංගතය සමඟ රට වැහුවා. ඒ සමඟම ආර්ථික අර්බුදයක් ආවා. ඒ එක්කම ලෝක ආර්ථික අර්බුදය පැමිණුනා.මේ ලෝක ආර්ථික අවපාතය ලංකාවටත් ප්රබලව දැනුණා. මේ නිසා ඒ ආර්ථික අර්බුදය සමඟම තෙල් පෝලිම්, ගෑස් පෝලිම් එන්න පටන් ගත්තා. ඒ එක්කම දේශපාලන අර්බුදයක් එන්න පටන් ගත්තා.ඒ දේශපාලන අර්බුදයත් එක්ක අරගලය ආරම්භ වුණා. ඇතැම් අවස්ථාවාදී දේශපාලන පක්ෂ හා සංවිධාන ජනතාව ඒ අවස්ථාවේදී මුහුණ දුන් අර්බුද මුල්කරගෙන ආණ්ඩුව පෙරළන්න සැළසුම් කළා. අරගලය කිව්වේ ඒකට. නැතුව නියම අරගලයකට නොවේ. ඒ අරගලය කෙතරම් ඛේදජනක ද කියනවා නම් අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කළා. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 79 දෙනෙකුගේ ගෙවල් ගිනිබත් කළා.මේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන් කෙරෙහි වෛරයක් ඇතිවන ආකාරයෙන් යම් පිරිසක් සමාජය තුළ මතයක් ඇති කළා.නමුත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන්ට රටේ පොදු මහජනතාවට සේවය කිරීමට අවශ්‍යයි. එවැනි අවස්ථාවකදී “සණස” සමිති තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ඉතාමත්ම වැදගත් වෙනවා. මෙම වැඩසටහන මගින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුවිශේෂී කාර්යභාරයක් පොදු මහජනතාව වෙනුවෙන් සිදුකළ හැකියි.”සණස” නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. එ්. කිරිවන්දෙණිය මහතාට මේ වැඩසටහන වෙනුවෙන් මුළු පාර්ලිමේන්තුවේම ගෞරවය හිමිවෙනවා යනුවෙන් ද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේය.මෙම අවස්ථාවට එක් වූ “සණස” නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා විසින් “සණස” ඉතිහාස පිළිබඳව දීර්ඝ විස්තර කිරීමක් ද සිදුකරන ලදී. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා මෙසේ ද පැවසීය.”රට සංවර්ධනය කිරීමේදී ප්‍රධාන සාධකයක් කරගත යුත්තේ මේ රටේ පොදු මහජනතාවයි. රටේ ජනතාව සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කරගත යුතුයි. ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන සඳහා ජන සහභාගීත්වය අප ප්‍රධාන සාධකයක් කරගන්නවා. ජනතාව මෙම සංවර්ධනයට යොදාගත් විට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වෙනවා. මේ ජනතාවට ආදායම් මාර්ග හිමිවෙනවා.දේශපාලඥයින්, රාජ්‍ය සේවකයින්, මහජනතාව හා පුද්ගලික අංශය යොදාගෙන මෙම ගම්මාන 5000 සංවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා” යනුවෙන් ද “සණස” නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වු අතර ඔවුන් අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේ “සණස” සමිති සංවර්ධන වැඩසටහන තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ඉතාමත්ම අගය කරන බවයි.මෙම අවස්ථාවට මහ සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, සණස ආයතනයේ ඉහළ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















































