Wednesday, November 11, 2026
HomeNEWSසන්ෂයින් සුද්දාගේ ඝාතනය සම්බන්ධයෙන් හරක් කටාගේ සමීපතමයෙක් අත්අඩංගුවට

සන්ෂයින් සුද්දාගේ ඝාතනය සම්බන්ධයෙන් හරක් කටාගේ සමීපතමයෙක් අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජික අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් “සන්ෂයින් සුද්දා” ඝාතනය කිරීම සඳහා යොදාගත් වෑන් රථයේ හිමිකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය 03 වනදා මාතර කොටවිල ප්‍රදේශයේ දී “සන්ෂයින් සුද්දා” වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් වෑන් රථය පොලීසිය විසින් සොයාගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කළේය.

අනතුරුව ඊයේ (10) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී 33 හැවිරිදි අදාළ වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එය නීතිවිරෝධීව එකලස් කරන ලද වෑන් රථයක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

එම වෑන් රථය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” නමැත්තාගේ සමීපතමයෙකුට ලබාදී ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව වෑන් රථයේ හිමිකරු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත සිටින අයෙකු බවට ද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් වෑන් රථයේ හිමිකරු අද (11) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img